
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ පදනම් වූ ‘හෙළ’ ඇඟලුම් සමූහයට අයත් ‘Hela Intimates EPZ Limited’ සමාගමේ සේවකයින් 3,000 කට වැඩි පිරිසකට හිඟ වේතන, නොගෙවූ ව්‍යවස්ථාපිත කපාහැරීම් සහ ගෙවා නොමැති සේවා අවසාන ප්‍රතිලාභ සම්බන්ධයෙන් මුහුණදීමට සිදුව ඇති ගැටලු පිළිබඳව කෙන්යානු සෙනෙට් සභාව මගින් පරීක්ෂණයක් පවත්වන ලෙස කෙන්යාවේ සෙනෙට් මන්ත්‍රී එඩ්වින් සිෆුනා ඉල්ලා සිටී.
ශ්‍රී ලංකාවේ හෙළ ඇපරල් හෝල්ඩිංග්ස් (Hela Apparel Holdings PLC) සමාගම දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණදෙමින් එය වසාදැමීමේ ක්‍රියාවලියට යොමුවෙමින් පවතින පසුබිමක මෙම තත්ත්වය මතුව තිබේ.
කෙන්යානු සෙනෙට් සභාව අමතමින් සිෆුනා, කෙන්යාවේ Hela Intimates EPZ Limited හි සේවකයන්ගේ සුභසාධනය පිළිබඳව කණස්සල්ල පළකරමින් කම්කරු හා සමාජ සුභසාධන ස්ථාවර කාරක සභාවෙන් ප්‍රකාශයක් ඉල්ලා සිටියේය.
ප්‍රමාද වූ වේතන මෙන්ම ජාතික සමාජ ආරක්ෂණ අරමුදල, උසස් අධ්‍යාපන ණය මණ්ඩලය සහ පිරිමැසුම් හා ණය සමුපකාර සමිති සඳහා මාස කිහිපයක සිට දායක මුදල් ඇතුළු ව්‍යවස්ථාපිත කපාහැරීම් අදාළ ආයතන වෙත යොමුකිරීමට සමාගම අපොහොසත් වීම හේතුවෙන් සේවකයින් 3,000 කට වැඩි පිරිසක් දැඩි අසීරුතාවට පත්ව සිටින බව ඔහු පැවසීය.
එමෙන්ම සේවකයන්ට ගෙවිය යුතු සේවා වන්දි සහ සේවා අවසාන ප්‍රතිලාභ නොගෙවීම මෙන්ම සැපයුම්කරුවන්ට ගෙවීමට ඇති විශාල හිඟ මුදල් පිළිබඳව ද සිෆුනා එහිදී කරුණු පෙන්වා දුන්නේය.
හිඟ වේතන, ව්‍යවස්ථාපිත කපාහැරීම්, සේවා වන්දි ගෙවීම් සහ සැපයුම්කරුවන්ට ගෙවිය යුතු හිඟ මුදල්වල වත්මන් තත්ත්වය පිළිබඳව පරීක්ෂණ පවත්වන ලෙසත්, මෙම වගකීම් ඉටුකිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ගෙන ඇති පියවර මොනවාදැයි සොයාබලන ලෙසත් ඔහු අදාළ කාරක සභාවෙන් ඉල්ලා සිටියේය.
ආයෝජකයන් වේතන, ව්‍යවස්ථාපිත කපාහැරීම්, සේවා අවසාන ප්‍රතිලාභ සහ අනෙකුත් නීත්‍යානුකූල ණය පියවීමකින් තොරව ව්‍යාපාර අත්හැර දැමීමේදී හෝ ඉවත් වී යාමේදී සේවකයන් සහ සැපයුම්කරුවන් ආරක්ෂා කිරීම සඳහා ඇති නීතිමය සහ නියාමන ප්‍රතිපදානයන් මොනවාද යන්න පිළිබඳ විස්තර ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
මේ අතර ශ්‍රී ලංකාවේ හෙළ ඇපරල් හෝල්ඩිංග්ස් සමාගම ද දැඩි මූල්‍ය අර්බුද හමුවේ ව්‍යාපාර කටයුතු අවසන් කිරීමට පියවර ගන්නා බව පසුගියදා නිවේදනය කළේය.
කෙසේවෙතත්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහන් කළේ හෙළ කලෝතින් (Hela Clothing) සහ ෆවුන්ඩේෂන් ගාමන්ට්ස් (Foundation Garments) හි සේවය කළ සේවකයින් 3,674 දෙනෙකු, හෙළ ඇපරල් හෝල්ඩිංග්ස් සමාගමේ මෙම නවතම තත්ත්වයට පෙර සිදුකරන ලද ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් යටතේ ‘එමරල්ඩ් ක්ලෝතින්’ (Emerald Clothing) ආයතනය වෙත අනුයුක්ත කර ඇති බවයි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart