
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහජන ආරක්ෂාව තහවුරු කරමින්, වෘත්තීයමය ලෙස නවීකරණය කරන ලද 4×4 රථ වාහන ඉටු කරන නීත්‍යානුකූල සහ වැදගත් කාර්යභාරය පිළිබඳ සලකා බලා සමබර නියාමන රාමුවක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව 4X4 රථ හිමිකරුවෝ අවධාරණය කරති.
“4×4 රථ නවීකරණය කිරීම් පිළිබඳ ජාතික සංවාදය”යන මැයෙන් අද (31) වැනිදා කොළඹ 07 පදනම් ආයතනයේදී 4X4 රථ හිමිකරුවන් ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය හමුවක දී මේ සම්බන්ධයෙන් අදහස් පල කෙරුණි.
වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ 4×4 ප්‍රජාව ස්වේච්ඡා පදනමින් ආපදා සහන, මානුෂීය සේවා, පාරිසරික සංරක්ෂණය, සංචාරක කර්මාන්තය, මෝටර් රථ ආශ්‍රිත ක්‍රීඩා සහ සමාජ සේවා කටයුතු සඳහා සුවිශේෂී දායකත්වයක් ලබාදී ඇත.
නිසි ලෙස නවීකරණය කර සන්නද්ධ කරන ලද 4×4 ධාවන වාහන සාමාන්‍ය වාහනවලට ළඟා විය නොහැකි ප්‍රදේශ වෙත ළඟා වීමට හැකි වීම හේතුවෙන් හදිසි අවස්ථාවලදී අත්‍යවශ්‍ය සම්පතක් බවට පත්වී ඇති අතර, ජීවිත බේරා ගැනීමේ සහ සහන සේවා කඩිනමින් ක්‍රියාත්මක කිරීමේදී ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත.
මීට අමතරව, වෘත්තීයමය ලෙස නවීකරණය කරන ලද 4×4 රථ වාහන ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්‍රීඩා ක්ෂේත්‍රයේද අත්‍යවශ්‍ය කාර්යභාරයක් ඉටු කරයි. තරගාවලි අතරතුර ආරක්ෂක සහාය සැපයීම, අනතුරට ලක් වූ වාහන ඉවත් කිරීම, ධාවන පථ වෙත ප්‍රවේශය සැලසීම සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සිදු කිරීම සඳහා මෙම වාහන අත්‍යවශ්‍ය වේ.
මාර්ග ආරක්ෂාව ඉහළ නැංවීම, වාහන ප්‍රමිතීන් ආරක්ෂා කිරීම සහ අනාරක්ෂිත හෝ නීතිවිරෝධී වාහන නවීකරණයන් පාලනය කිරීම සම්බන්ධයෙන් රජයට ඇති වගකීම පිළිබඳ 4×4 රථ වාහන ප්‍රජාවට ගැටළුවක් නොමැති නමුත්, නව රෙගුලාසි හේතුවෙන් ආපදා ප්‍රතිචාර, මානුෂීය සේවා, සංචාරක කර්මාන්තය, මෝටර් ක්‍රීඩා සහ සමාජ සේවා සඳහා භාවිත කරන වෘත්තීයමය ලෙස නවීකරණය කරන ලද වාහන අසාධාරණ ලෙස බලපෑමට ලක්විය හැකි බවද මෙහිදී අවධානය යොමු කළ යුතු යැයි ඔවුහු විශ්වාසය පල කරති.
දැනට සලකා බලනු ලබන Recovery උපකරණ, Suspension පද්ධති වැඩිදියුණු කිරීම්, Winch, Snorkel, ආරක්ෂිත උපාංග සහ අනෙකුත් ක්‍රියාකාරී උපකරණ වාහන අලංකාර කිරීම සඳහා නොව, දුෂ්කර භූමි ප්‍රදේශවල ආරක්ෂිතව සහ කාර්යක්ෂමව ක්‍රියාත්මක වීම සඳහා සවි කර ඇති බව මෙහිදී ඔවුන් අවධාරණය කරයි.
එබැවින් අනාරක්ෂිත නවීකරණයන් සහ වෘත්තීයමය ලෙස සවි කරන ලද ක්‍රියාකාරී උපකරණ අතර පැහැදිලි වෙනසක් හඳුනාගත යුතු බව ඔවුන්ගේ අදහසයි.
පිළිගත හැකි නවීකරණ කටයුතු සඳහා පැහැදිලි තාක්ෂණික මාර්ගෝපදේශ සකස් කිරීම, නවීකරණය කරන ලද වාහන සඳහා පරීක්ෂණ සහ සහතික කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීම සහ ක්‍රියාකාරී ආරක්ෂක උපකරණ හා අනාරක්ෂිත නවීකරණයන් අතර පැහැදිලි වෙනසක් හඳුනාගන්නා නියාමන රාමුවක් සකස් කිරීම 4X4 රථ හිමිකරුවෝ ඉදිරිපත් කරන යෝජනා වේ.
ශ්‍රී ලංකාවේ 4×4 රථ වාහන ප්‍රජාව නීතියෙන් නිදහස් කිරීමක් ඉල්ලා නොසිටින අතර, ඔවුන් ඉල්ලා සිටින්නේ මහජන ආරක්ෂාව ආරක්ෂා කරන අතරම හදිසි ප්‍රතිචාර සේවා, සංචාරක කර්මාන්තය, මෝටර් ක්‍රීඩා සහ සමාජ සංවර්ධනය සඳහා දායක වන වාහනවල නීත්‍යානුකූල අවශ්‍යතාද සැලකිල්ලට ගන්නා සාධාරණ, ප්‍රායෝගික හා සාක්ෂි මත පදනම් වූ නියාමන පද්ධතියකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart