
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පොදු මගී ප්‍රවාහනය නැංවීම සහ වඩාත් විශ්වසනීය බස් රථ සේවාවක් තහවුරු කිරීමේ පියවරක් ලෙස, දැනට මාර්ග දෙකක ක්‍රියාත්මක වන මෙට්‍රෝ බස් සේවාව ලබන සැප්තැම්බර් මාසයේ සිට මාර්ග හතක් දක්වා දීර්ඝ කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
බත්තරමුල්ල, සෙත්සිරිපාය II අදියර හි පිහිටි ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් කෝපරේෂන් මූලස්ථානයේදී පැවැත්වුණු ජනමාධ්‍ය හමුවකදී මෙම ව්‍යාප්තිය පිළිබඳව දැනුම් දෙන ලදී.
ඒ අනුව අලුතින් හඳුන්වා දෙන මාර්ග පහ මෙසේය:
– මිලේනියම් සිටි – කොළඹ කොටුව
– දෙමටගොඩ – පානදුර
– තලංගම ඩිපෝව (බත්තරමුල්ල) – ඒකල
– මාකුඹුර (කැස්බෑව) – පිටකොටුව
– කොල්ලුපිටිය – වටරවුම් පාර, බම්බලපිටිය
දැනට ක්‍රියාත්මක වන මාකුඹුර – කොළඹ කොටුව සහ මාකුඹුර – කඩවත මෙට්‍රෝ බස් සේවාවන් ද ඉදිරියටත් නොකඩවා පවත්වාගෙන යනු ඇත.
මෙට්‍රෝ බස් සේවාව මුලින්ම කොළඹ සහ තදාසන්න ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන අතර, 2027 වන විට දිවයිනේ සසු ප්‍රධාන නගර වෙත ද ව්‍යාප්ත කිරීමට නියමිත බව අමාත්‍යාංශය සඳහන් කළේය.
එමෙන්ම, පෞද්ගලික අංශයේ දායකත්වය ද සහිතව 2032–2035 කාල සීමාව වන විට ශ්‍රී ලංකාව පුරා නූතන නාගරික පොදු ප්‍රවාහන ජාලයක් ස්ථාපිත කිරීම මෙහි දිගුකාලීන අරමුණයි.
ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන පද්ධතිය උසස් කිරීම සඳහා 2025 අයවැය යටතේ ආනයනය කරන ලද නූතන තාක්ෂණයෙන් යුත් බස් රථ 104ක් ඇතුළත් කරගනිමින්, 2026 සැප්තැම්බර් වන විට තම බස් රථ සංඛ්‍යාව 122 දක්වාත්, 2027 අග වන විට 272 දක්වාත් ඉහළ නැංවීමට ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් කෝපරේෂන් ආයතනය සැලසුම් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart