
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2019 වසරේ සිදු වූ මාරාන්තික පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන දෙදෙනා එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට නියමිත බව ඔවුන්ගේ නීතිඥවරයා අද ප්‍රකාශ කළේය.
හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන දෙදෙන්නට ජූලි 31 වැනි දින කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් 2-1ක් ලෙස වූ බහුතර විනිසුරු තීරණයකට අනුව මෙලෙස මරණ දඬුවම නියම කරන ලදී.
ඉස්ලාම් අන්තවාදීන් විසින් එල්ල කරන ලදැයි චෝදනා කෙරෙන මෙම ප්‍රහාරවලින් විදේශිකයන් 45 දෙනකු ඇතුළුව පුද්ගලයන් 279 දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර 500 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.
සති දෙකක් ඇතුළත මෙම විත්තිකරුවන් දෙදෙනා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනුකරන බව නීතිඥ චමින්ද අතුකෝරල පැවසීය.
“චූදිතයන් දෙදෙනාට කිසිවකු ඝාතනය කිරීමේ චේතනාවක් නොතිබූ බවත්, ප්‍රහාරය එල්ල කළ සැබෑ ප්‍රහාරකයින් සමඟ කිසිදු සබඳතාවක් නොතිබූ බවත් සුළුතර විනිසුරු තීන්දුව මගින් පැහැදිලි කෙරෙනවා”* යනුවෙන් නීතිඥ අතුකෝරල AFP පුවත් සේවයට පවසා ඇත.
ශ්‍රී ලංකාව තුළ 1976 වසරෙන් පසු මරණ දඬුවම ක්‍රියාත්මක කර නොමැති අතර, මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ‘අත්හිටුවීමක්’ පවත්වාගෙන යනු ලබයි.
පසුගිය පෙබරවාරි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රාජ්‍ය වාර්තාවලට අනුව මරණ දඬුවම නියම වූ පුද්ගලයන් 817 දෙනෙකු සිරගතව සිටින අතර, සාමාන්‍යයෙන් එම දඬුවම් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් බවට ලිහිල් කරනු ලැබේ.
76 හැවිරිදි හේමසිරි ප්‍රනාන්දු සහ 66 හැවිරිදි පූජිත් ජයසුන්දර යන දෙදෙනා දැනට බන්ධනාගාරගත කර ඇත.
2019 අප්‍රේල් 21 වැනි දින පල්ලි තුනකට සහ හෝටල් තුනකට එල්ල වූ මාරාන්තික ප්‍රහාර වැළැක්වීමට සිය රාජකාරිය ඉටුනොකිරීම සම්බන්ධයෙන් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පැවැති නඩු විභාගයෙන් පසු ජූලි 31 වැනි දින මොවුන් වරදකරුවන් බවට තීන්දු විය.
මිනීමැරීමට හෝ අපරාධයකට අනුබල දීමට මොවුන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව පවසමින් 2022 පෙබරවාරි මාසයේදී වෙනත් මහාධිකරණ තීන්දුවක් මගින් ඔවුන් දෙදෙනා නිදහස් කර තිබිණි.
කෙසේවෙතත්, රජය එම තීරණයට එරෙහිව අභියාචනා කළ අතර, ඒ අනුව නැවත නඩු විභාගයක් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. ජූලි 31 වන දින නිකුත් වූ මෙම තීන්දුව සහ මරණ දඬුවම එහි ප්‍රතිඵලයකි.
ඉස්ලාම් අන්තවාදීන් විසින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් පවතින බවට ඉන්දීය බුද්ධි අංශයක් විසින් 2019 අප්‍රේල් 4 වන දින ශ්‍රී ලංකාවට දැනුම් දී තිබුණද බලධාරීන් ඒ අනුව කටයුතු කිරීමට අපොහොසත් වූ බව නඩු විභාගයේදී අධිකරණය හමුවේ අනාවරණය විය.
මීට පෙර පැවැති සිවිල් නඩුවකට අනුව, ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් අය සඳහා වන්දි වශයෙන් රුපියල් මිලියන 125ක මුදලක් ගෙවන ලෙසද හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන දෙදෙනාට නියෝග කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart