
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නෙට්ෆ්ලික්ස් වැනි අන්තර්ජාතික වේදිකාවන් ජනප්‍රිය වීම තුළ ශ්‍රී ලංකාවේ චිත්‍රපට කර්මාන්තය ඊට මුහුණදිය යුතු ආකාරය සම්බන්ධයෙන් චිත්‍රපට සංස්ථාව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව සාකච්ඡාවක් පවත්වා තිබේ.
මෙරට චිත්‍රපට කර්මාන්තය දියුණු කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සිදුකෙරුණු සාකච්ඡාවක් අතරතුර මෙම කරුණු පිළිබඳව අදහස් පළව ඇත.
මෙම සාකච්ඡාව සිදුකෙරුණේ චිත්‍රපට ක්ෂේත්‍රයේ පවතින ගැටලු සහ ඉදිරි යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණ කුමාරගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
මේ පිළිබඳව සාකච්ඡා කිරීමට ජාතික චිත්‍රපට සංස්ථාවේ නිලධාරීන් මෙම කාරක සභාවට කැඳවා තිබිණි.
අනුව චිත්‍රපට ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිළිබඳව ජාතික චිත්‍රපට සංස්ථාව නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් පැහැදිලි කර ඇත.
විශේෂයෙන්ම මෙහිදී ඔවුහු පෙන්වා දී ඇත්තේ සිනමාව හැකිළෙමින් යන ප්‍රවණතාවක් මේ වන විට ඇති වී තිබෙන බවත් වසරකට සිනමා ශාලා 05ක් හෝ 06ක් පමණ වැසී යන බවත්ය.
එසේම චිත්‍රපට ප්‍රවේශ පත්‍රයකින් චිත්‍රපට සංස්ථාවට ලැබෙන මුදල් කොටස පිළිබඳව සහ චිත්‍රපට නිෂ්පාදකයන් සොයාගැනීම සම්බන්ධයෙන් පවතින අපහසුතාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබේ.
චිත්‍රපට සංස්ථා පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.
එසේම විදේශීය චිත්‍රපට ගෙන්වීමට ලියාපදිංචි වන මුදල සහ එක් චිත්‍රපටයක් වෙනුවෙන් චිත්‍රපට සංස්ථාව අයකරගන්නා මුදල සංශෝධනය විය යුතු බවද මෙහිදී යෝජනා වී තිබේ.
මීට අමතරව නෙට්ෆ්ලික්ස් වැනි වේදිකාවන් ජනප්‍රිය වීම තුළ ඒවාට මුහුණදීමට චිත්‍රපට සංස්ථාවේ පවතින සැලසුම් පිළිබඳවද මෙහිදී කමිටුවේ අවධානය යොමු වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart