
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉස්සෙන්නෑව රක්ෂිතයේ රාත්‍රී දඩයමේ ගිය පොලිස් සැරයන්වරයකු සහ තවත් දෙදෙනකු වාහල්කඩ පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ පොලිස් නිලධාරියාගේ T56 වර්ගයේ රාජකාරී ගිනි අවිය ද සමග මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
මෙම පොලිස් නිලධාරියා මොරවැව පොලීසිය යටතේ ඇති රොටවැව පොලිස් මුරපොළට අනුයුක්තව සේවය කර ඇති අතර අනෙක් සැකකරුවන් දෙදෙනා පනස් හැවිරිදි වියෙහි පසුවන වාහල්කඩ ප්‍රදේශයේ ම පදිංචිකරුවන් වන බව සදහන් වේ.
පොලිස් මුරපොළේ රාජකාරියේ යෙදී සිටි පොලිස් සැරයන්වරයා ඉස්සෙන්නෑව ප්‍රදේශයේ හේන් රකිමින් සිටි අනෙක් සැකකරුවන් දෙදෙනා හමු වී සතෙකු මරා මස් පිණිස විකිණීමට රාජකාරී ගිනි අවිය ලබා දී පැල්පතක් තුළ නිදාසිටි බව පරීක්ෂණවල දී අනාවරණය වී ඇත.
වාහල්කඩ පොලීසියේ ස්ථානාධිපතියටතේ , පොලිස් නිළධාරින් කණ්ඩායමක් ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටියදී සැකකරුවන් දෙදෙනා ගිනිඅවිය ද සමගින් අත්අඩංගුවට ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart