July 30, 2026

ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවයේ කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා ආනයනය කරන ලද නව ‘මෙට්‍රෝ’ (Metro) බස් රථ 104ක් ඊයේ (29) දිවයිනට ළඟා වී තිබේ.

මෙම බස් රථ ආනයනය කර ඇත්තේ චීනයේ ප්‍රමුඛ පෙළේ වාහන නිෂ්පාදකයෙකු වන ‘ෆෝටෝන් ඉන්ටර්නැෂනල් කෝපරේෂන්’ සමාගමෙනි.

රටේ පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අරමුණින් මෙම නව මෙට්‍රෝ බස් රථ ආනයනය කිරීම සඳහා වන නිල ගිවිසුමට අත්සන් තබනු ලැබුවේ මෙවසරේ මැයි මාසයේදීය.

එම ගිවිසුමට අනුකූලව, මෙට්‍රෝ බස් රථ 104 කින් සමන්විත පළමු බස් රථ තොගය මෙලෙස දිවයිනට ගෙනවිත් ඇත.