
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රැකියාවල නියුතු මව්වරුන්ට සිය දරුවන්ට මව්කිරි ලබාදීම සඳහා නිවාඩු ගැනීම වඩාත් පහසු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සලසා දීමට රජය සූදානම් වේ.
ඒ අනුව, පවතින මව්කිරි දීමේ සංග්‍රහය සංශෝධනය කිරීම වසර දෙකකට පමණ පෙර ආරම්භ කළ බවත්, අන්තර්ජාතික මව්කිරි දීමේ සංග්‍රහයට අනුව එහි වෙනස්කම් සිදු කරන බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්යක්ෂ (මාතෘ හා ළමා සෞඛ්‍ය) සහ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය චිත්‍රමලී ද සිල්වා සඳහන් කරයි.
අන්තර්ජාතික සංග්‍රහයට අනුව මව්කිරි දීම අනිවාර්ය කිරීම සඳහා නිර්දේශිත කාලය වැඩි කළ යුතු බවද ඇය පවසා ඇත.
මෙම සංග්‍රහය ක්‍රියාත්මක කිරීමේදී මව්කිරි ප්‍රවර්ධනය කිරීම සහ වෙළඳපොළේ ඇති කිරිපිටි නිෂ්පාදන නියාමනය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට වඩා බොහෝ බලතල පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට (වෙළඳ අමාත්‍යාංශයට) පැවරී ඇති බව ඇය පවසයි.
නීති සංග්‍රහය ක්‍රියාත්මක කිරීමේදී එහි තාක්ෂණික අංශ සම්බන්ධ කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිරීක්ෂණය යටතේ සිදු කළ යුතු බැවින් එම බලතල නැවත අමාත්‍යාංශය වෙත පවරා ගතයුතු බව ද වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මේ අතර, ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍ය විද්‍යාලයේ හිටපු සභාපති වෛද්‍ය රම්‍යා ද සිල්වා පසුගියදා සඳහන් කර ඇත්තේ, මව්කිරි දීමේ සංග්‍රහයේ අඩුපාඩු පවතින බැවින් එය ශක්තිමත් කළ යුතු බවයි.
මව්කිරි දීමේ ක්‍රියාව ප්රමුඛ කාර්යභාරයක් ලෙස සළකා සහාය දැක්වීමට සහ ප්‍රවර්ධනය කිරීමට විද්‍යාලය මූළිකත්වය ගෙන ඇති බව ඇය සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart