
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගෝලීය ශ්‍රී ලාංකික ඩයස්පෝරා ප්‍රජාව හරහා මෙරට සංස්කෘතික අනන්‍යතාව, උරුමය සහ සංචාරක විභවය ලෝකය හමුවට ගෙන යෑමේ අරමුණින් සංවිධාන කරනු ලබන ‘ග්ලෝබල් ශ්‍රී ලංකන් කුමරා කුමරිය’ තරගාවලියේ මහා අවසන් පූර්ව තරගය එළඹෙන ජූලි 31 වැනිදා මොරටුව රාමාඩියා ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වේ.
එක්සත් රාජධානිය, උතුරු අයර්ලන්තය, ස්කොට්ලන්තය, ප්‍රංශය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව, ඕමානය, කවේට්, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 13ක් නියෝජනය කරමින් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සුන්දර තරුණ තරුණියන් රැසක් මෙම තරගාවලිය සඳහා එක්ව සිටිති.
ලොව පුරා විසිරී සිටින ශ්‍රී ලාංකික තරුණ පරපුරට සිය මාතෘභූමියේ සංස්කෘතික උරුමයන්, ගුණධර්ම සහ සාම්ප්‍රදායික අගයන් නිරූපණය කිරීමට මෙන්ම, ශ්‍රී ලාංකේය සංචාරක ආකර්ෂණයන් අන්තර්ජාතිකව ප්‍රවර්ධනය කිරීමටද මෙමගින් විශිෂ්ට වේදිකාවක් නිර්මාණය වී ඇත.
මෙම ව්‍යාපෘතියේ උපදේශිකාව ලෙස කටයුතු කරන ප්‍රකට රංගන ශිල්පිනී, ටෙලි නාට්‍ය නිෂ්පාදිකා, ලේඛිකා සහ ව්‍යවසායිකා වසන්ති ගුණරත්න සඳහන් කළේ, විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාව සිය රටේ අනන්‍යතාව ලොවට ගෙන යන තානාපතිවරුන් බවට පත්කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ බවයි.
“විදේශයන්හි ජීවත්වන ශ්‍රී ලාංකික තරුණ පරපුර නැවතත් තමන්ගේ මුතුන්මිත්තන්ගේ අභිමානවත් උරුමයන් සමඟ බද්ධ කිරීමටත්, ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සහ සංචාරක ආකර්ෂණයන් අන්තර්ජාතික ප්‍රජාව වෙත සමීප කිරීමටත් මෙම තරගාවලිය මගින් මනා අවස්ථාවක් සැලසෙනවා,” යැයි ඇය වැඩිදුරටත් පැවසුවාය.
ශ්‍රී ලංකාව ගෝලීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම උදෙසා පවතින සුවිශේෂී හැකියාව හඳුනාගනිමින් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයද මෙම වැඩසටහන සඳහා සක්‍රීය දායකත්වය සහ අනුග්‍රහය ලබාදී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart