July 21, 2026

ලෝකයත් සමග ගනුදෙනු කිරීමට නම් රට තුළ පවතින විදේශ සංචිත ප්‍රමාණය ශක්තිමත් කර ගත යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ මැයි මාසයේදී පැවැති අමෙරිකානු ඩොලර් මිලියන 6800 ක ප්‍රමාණය ජුනි මාසය වනවිට 6400 දක්වා අඩුවී ඇති බවයි.

”6400 ට අඩු වෙනවා කියන්නේ ඩොලර් තියෙන සීමිත සම්පත ඒ ගොල්ලෝ උපයෝගී කර ගන්නවා රුපියල ආරක්ෂා කරන්න අවප්‍රමාණය නොවෙන්න විකුණන්න. එහෙනම් කවුද මේ සංචිතය හදන්නේ. මේකෙ සංචිත නිර්මාණය කිරීම මේක ඊට වැඩිය වැඩිදියුණු කරන්නේ කවුද කියන එක මහ බැංකුවේ කටයුත්තක්ද? නැත්නම් මේක ආණ්ඩුවේ කටයුත්තක්ද කියන එක උත්තර දිය යුතුයි.” යනුවෙන් පැවසූ මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ මේ සම්බන්ධයෙන් මතු කර ඇති ගැටලුවලට මහ බැංකුව මෙතෙක් පිළිතුරු ලබාදීමට අපොහොසත් වී ඇති බවයි.