
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා මහ බැංකුව අද (16) පැවැත්වූ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී ඵලදා අනුපාතිකයන් හි කැපී පෙනෙන පහළ යාමක් වාර්තා වී තිබේ.
ඒ අනුව දින 91 බිල්පත් ඵලදා අනුපාතිකය 19.78% සිට 17.55% ක් දක්වා සහ දින 182 බිල්පත් ඵලදා අනුපාතිකය 17.11% සිට 14.87% ක් දක්වා පහළ ගොස් තිබුණි.
මේ අතර දින 364 බිල්පත් ඵලදා අනුපාතිකය ද 13.94% සිට 13.19% ක් දක්වා අඩු වී තිබේ.
වෙන්දේසිය සඳහා රු. මිලියන 180,000ක භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබූ අතර ඊට රු. මිලියන 289,665ක ලංසු ප්‍රමාණයක් ලැබී තිබුණි.
මෙහිදී වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ ප්‍රමාණයට සමපාත වන අයුරින් රු. මිලියන 180,000ක ලංසු පිළිගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව කටයුතු කළ බව මහ බැංකුව නිවේදනය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart