
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඕස්ට්‍රේලියාවේ පැවති 20 /20 ලෝක කුසලාන තරගාවලියට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා නිකුත් කළ කෙටුම්පතට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිටු 200කට අධික ලිපියක් ක්‍රීඩා අමාත්‍යංශය වෙත යොමු කර තිබේ.
එම තරගාවලියට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් විසින් සිදු කළ මුදල් අවභාවිත කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා සිය කෙටුම්පත සකස් කර තිබුණි.
ක්‍රීඩා අමාත්‍යාංශය ඊට අදාළ නිර්දේශ සමග ක්‍රිකට් ආයතනය විසින් එවන ලද ලිපිය රජයේ විගණන කාර්යාලය වෙත භාරදෙනු ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිතුරු බැඳීමට මෙම මස 26දා දක්වා තෙවැනි වරට ද කල් ඉල්ලා සිටි නමුත් රජයේ විගණන කාර්යාලය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
ඒ අනුව විගණකාධිපතිවරයා ලබා දී තිබූ අවසන් දිනය අදයි.
ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා ඉදිරිපත් කළ කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් මෙම මස 24 වැනිදා පැවැත්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart