
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉරානය තුළ හටගෙන ඇති යුධමය වාතාවරණය හේතුවෙන් ගල්ෆ් කලාපයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය දැඩි තර්ජනයකට ලක්ව තිබේ. ගෝලීය බලශක්ති වෙළඳපොළ අර්බුදයකට ඇද දමමින් ආරම්භ කළ මෙම යුද්ධය හමුවේ, ඉරාන ප්‍රහාරවලින් තමන්ව ආරක්ෂා කිරීමට අපොහොසත් වීම පිළිබඳව අරාබි රාජ්‍යයන් ඇමරිකා එක්සත් ජනපදය කෙරෙහි දැඩි කලකිරීමකින් පසුවේ.
කෙසේ වෙතත්, මෙම යුද්ධය හේතුවෙන් එම රාජ්‍යයන්ට චීනය සමඟ පවතින සබඳතා පිළිබඳවද නැවත වරක් සමාලෝචනය කිරීමට සිදු ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම වාර්තා පෙන්වා දෙන්නේ යුද්ධය හමුවේ චීනය අනුගමනය කරන බලා සිටීමේ පිළිවෙතත්, අර්බුදය පාලනය කිරීම සඳහා ඉරානය කෙරෙහි ඇති තීරණාත්මක බලපෑම භාවිතා කිරීමට දක්වන අකමැත්තත් හමුවේ, නුදුරු අනාගතයේදී චීනය තම ප්‍රධාන ආරක්ෂක සහකරුවෙකු වනු ඇතැයි ගල්ෆ් අරාබි රාජ්‍යයන් තබා තිබූ බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බවයි.
පසුගිය වසර කිහිපය තුළ ගල්ෆ් අරාබි රාජ්‍යයන් චීනය දුටුවේ කලාපයේ සාමය සහ සංවර්ධනය වෙනුවෙන් පෙනී සිටින හිතකර බලවේගයක් ලෙසයි.
2023 වසරේදී චීනයේ සමස්ත බොරතෙල් ආනයනයෙන් 36% ක්ම පැමිණියේ ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයට (GCC) අයත් සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේට්, කටාර්, ඕමාන් සහ බහරේන් යන රටවලිනි. එසේම 2024 වන විට ගල්ෆ් කලාපය සහ චීනය අතර වෙළඳාම ඩොලර් බිලියන 300 කට ආසන්න අගයක් ගත් අතර, එය ඵක්සත් ජනපදය සහ යුරෝපීය සංගමය යන දෙකෙහිම එකතුවටත් වඩා වැඩි අගයකි.
බීජිං හි මෙම ආර්ථික සබඳතා ප්‍රබල වෙද්දී, කලාපයේ තම ආර්ථික පාර්ශ්වකරුවන්ගේ සුරක්ෂිතතාව සහ ස්ථාවරත්වය වෙනුවෙන් ඉරානයේ ප්‍රහාරාත්මක ක්‍රියාකාරකම් පාලනය කිරීමට චීනය මැදිහත් වනු ඇතැයි කලාපයේ බොහෝ රාජ්‍යයන් අපේක්ෂා කළද, වත්මන් තත්ත්වය හමුවේ එම බලාපොරොත්තු සුන් වී ඇත.
ඉරාන යුද්ධයට පෙර පැවැති තත්ත්වයටත් වඩා අඩුවෙන්, ගල්ෆ් කලාපයේ ආරක්ෂාව පිළිබඳ වගකීම භාර ගැනීමට චීනය කටයුතු කරනු ඇති බව ගල්ෆ් අරාබි රාජ්‍යයන්ට දැන් වැටහී ගොස් තිබේ.
කලාපීය ආරක්ෂක ව්‍යුහයක් පිළිබඳ පැහැදිලි දැක්මක් බෙයිජිං පාලනය සතුව නොමැති අතර, මෙම යුද්ධයේ පවතින අවුල් සහගත ස්වභාවය හමුවේ, ආරක්ෂක වගකීම්වලින් බැහැරව සිටීමේ සහ පාර්ශව නොගැනීමේ තම අභ්‍යන්තර විදේශ ප්රතිපත්තියම ඉදිරියටත් පවත්වාගෙන යාම සුදුසු බව චීනය තීරණය කර ඇත.
කලාපය තුළ වෙළඳ සහ ආයෝජන සබඳතා තවදුරටත් ගොඩනැගීමට චීනය කටයුතු කරනු ලැබුවද, කලාපීය ආරක්ෂාව තහවුරු කිරීමේදී ඇමරිකා එක්සත් ජනපදයට විකල්පයක් ලෙස චීනය නැගී නොසිටින බව පිළිගැනීමට ගල්ෆ් අරාබි රටවලට සිදුවී තිබේ.
ඒ අනුව, ගල්ෆ් රාජ්‍යයන්ට දැන් ඉතිරිව ඇත්තේ විකල්ප දෙකක් පමණි. එනම්, ආරක්ෂාව සම්බන්ධයෙන් ස්ථාවර භාවයක් නොමැති ඇමරිකා එක්සත් ජනපදය සමඟ පවතින සබඳතාව සම්පූර්ණයෙන්ම වැළඳ ගැනීම හෝ චීනයෙන් ඉටුවේ යැයි අපේක්ෂා කළ ආරක්ෂක භූමිකාව සඳහා වෙනත් නව පාර්ශ්වකරුවන් සොයා යාමයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart