
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්රය දැවැන්ත කඩාවැටීමකට ලක්වෙමින් පවතින බවට පැහැදිලි උදාහරණයක් සපයමින්, මෙරට ප්‍රමුඛතම ඇඟලුම් සමූහයක් වන මාස් හෝල්ඩින්ග්ස් හි (MAS Holdings) කර්මාන්තශාලා රැසක් මේ වන විට වසාදමමින් පවතින බව වාර්තා වේ.
ඇඟලුම් නිෂ්පාදන වෙනුවෙන් සුපුරුදු පරිදි ඇණවුම් නොලැබීම මෙලෙස කර්මාන්තශාලා තාවකාලිකව වසාදැමීමට හේතුවී තිබේ.
විශේෂයෙන් එක්සත් ජනපදයේ ආර්ථික අර්බුදය සහ ශ්‍රී ලංකාවේ මූල්‍ය අර්බුදය නිසා පැනනැගී ඇති ඩොලරයේ අස්ථාවරභාවය ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට සෘජුව බලපා ඇතැයි ක්ෂේත්රයේ ප්‍රවීණයෙක් CeylonWire News සමග පැවැසීය.
ඒ අනුව මාස් හෝල්ඩින්ග්ස් හි බෝඩිලයින් කර්මාන්තශාලාව දැනට සති දෙකක කාලයකට නිෂ්පාදන කටයුතු අත්හිටුවා ඇති අතර කිලිනොච්චිය කර්මාන්තශාලාව මාස 03ක කාලයකට වසාදැමීමට නියමිතය.
එසේම මිහින්තලේ කර්මාන්තශාලාව මාස 04කටත්, මහියංගනය කර්මාන්තශාලාව මාසයකටත් වසාදමන බව පාලනාධිකාරිය විසින් සේවකයන් වෙත දැනුම්දී ඇත.
ඇතැම් කර්මාන්තශාලා නැවත ආරම්භ කිරීමේදී සම්පුර්ණ ධාරිතාවෙන් ඒවා ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නොමැති බැවින්, හැකියාවක් පවතින සේවකයන්ට වෙනත් රැකියා සොයාගන්නා ලෙසද පාලනාධිකාරිය දැනුම්දී ඇතැයි පැවසේ.
එසේම කර්මාන්තශාලා වසාදැමෙන කාලය තුළ නිලධාරී කාණ්ඩයන්ට වැටුපින් සියයට 65ක් ද, කර්මාන්තශාලා සේවකයන්ට මූලික වැටුප පමණක්ද ගෙවීමට සැලසුම් කර ඇතැයි වාර්තා සඳහන් කරයි.
මෙම කර්මාන්තශාලා වල සේවය කරන දහස් ගණනක් සේවක පිරිස් මේ වන විට පසුවන්නේ සිය රැකියා පිළිබඳ විශාල බියකිනි.
ඒ අතුරින් ඇතැම් තරුණ සේවකයන් දැනටමත් කොළඹ ආශ්රිත ඉදිකිරීම් ව්‍යාපෘතිවල සුළු සේවකයන් ලෙස රැකියා සොයමින් සිටින බවද වාර්තා වැඩිදුරටත් අනාවරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart