
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සුඩාන සන්නද්ධ බලකාය (SAF) සහ රේපිඩ් සපෝට් ෆෝසස් (RSF) බලකාය අතර හටගත් සන්නද්ධ ගැටුමට ඉකුත් අප්‍රේල් මාසයේදී වසර තුනක් පිරී සිව්වන වසරටත් පා තබා ඇති අතර, එමගින් රට පුරා සිදුව ඇති විනාශය අතිමහත්ය.
දස දහස් සංඛ්‍යාත ජනතාවකට ජීවිත අහිමි කරමින් සහ ප්‍රජාවන් රැසක් බිඳදමමින් සිදු වූ මෙම මානව ඛේදවාචකය අතිශය විනාශකාරී වී ඇත. විශාල සිවිල් වැසියන් සංඛ්‍යාවක් තම නිවාසවලින් ඉවත් කර දමා ඇති අතර, බොහෝ දෙනෙකු සුඩානය තුළම ආරක්ෂිත ප්‍රදේශ වෙත පළා ගොස් තිබේ.
තවත් පිරිසක් අසල්වැසි රටවලට සංක්‍රමණය වී අභයභූමි පතා ඇත. බලය තහවුරු කර ගැනීමේ අභ්‍යන්තර සටනක් ලෙස ආරම්භ වූ මෙම ගැටුම, වර්තමානය වන විට මෑත ඉතිහාසයේ දැකගත හැකි බරපතලම මානුෂීය අර්බුදයක් බවට පත්ව තිබේ.
යුධමය සැපයුම් සහ උපකරණ සපයමින් බාහිර පාර්ශවයන්ද මෙම ගැටුම තවදුරටත් ඇවිළවීමට කටයුතු කරමින් සිටින අතර, RSF මිලිෂියා කණ්ඩායමේ ප්‍රධාන පසුපස සිටින බලවේගය ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) සැලකේ.
Wall Street Journal ඇතුළු ප්‍රමුඛ මාධ්‍ය වාර්තා මගින් හෙළිදරව් කර ඇත්තේ, එමීර් රාජ්‍යය විසින් චීනයේ නිෂ්පාදිත නවීන ඩ්‍රෝන යානා සහ පුළුල් පරාසයක චීන ආයුධ මෙම සන්නද්ධ කණ්ඩායම අතට පත් කර ඇති බවයි. මෙය විදේශීය මැදිහත්වීමේ බරපතල සහ අර්බුදකාරී වර්ධනයක් පෙන්නුම් කරයි.
RSF සංවිධානය වෙත චීන ආයුධ ලබා දීම සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වගකීමට ලක් කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව අසමත් වීම ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානයේ අර්බුද විමර්ශන ප්‍රධානී බ්‍රයන් කැස්ට්නර් දැඩි ලෙස හෙළා දකින අතර, වහාම ක්‍රියාත්මක වන පරිදි ආයුධ හුවමාරුව අත්හිටුවන ලෙසද ඉල්ලා සිටියි.
RSF සටන්කාමීන් අත පැවැති චීනයේ නිෂ්පාදිත GB50A මාර්ගෝපදේශිත බෝම්බ සහ මිලිමීටර් 155 AH-4 කාලතුවක්කු සම්බන්ධයෙන් ඇම්නෙස්ටි සංවිධානය විසින් තොරතුරු වාර්තා කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart