
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට එල්ල වූ මාරාන්තික ගුවන් ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 269 දෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පාකිස්තාන රජයෙන් කරුණු විමසා මාස හතරකට පසු, ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය සිය අලුත්ම විමර්ශන වාර්තාව එළිදක්වා තිබේ.
එමගින් ප්‍රකාශ වන්නේ මෙම ප්‍රහාරය යුධ අපරාධයක් ලෙස සැලකිය හැකි බැවින් ඒ පිළිබඳව වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.
‘ඔමිඩ්’ (Omid) පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ ආයුධ සහ අමතර කොටස් ගබඩා කර තිබූ බවට හෝ එය හමුදාමය කටයුතු සඳහා භාවිත කළ බවට පාකිස්තාන හමුදාව නැගූ චෝදනා සනාථ කිරීමට කිසිදු සාක්ෂියක් නොමැති බව ඇම්නෙස්ටි සංවිධානය පෙන්වා දෙයි.
මෙම ප්‍රහාරය මගින් ජාත්‍යන්තර මානුෂීය නීතිය යටතේ සෞඛ්‍ය මධ්‍යස්ථානවලට හිමිවන විශේෂ ආරක්ෂාව මෙන්ම, සිවිල් වැසියන් සුරක්ෂිත කිරීම උදෙසා පනවා ඇති මූලික නීති රීතිද බරපතල ලෙස උල්ලංඝනය වී ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හි දකුණු ආසියානු වැඩබලන ප්‍රාදේශීය අධ්‍යක්ෂිකා ඉසබෙල් ලාසි මෙසේ පැවසුවාය:
“මෙම ස්ථානය වසර දහයකට වැඩි කාලයක් තිස්සේ වෛද්‍ය මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය බව ප්‍රසිද්ධ කරුණක්. එසේ තිබියදීත් එල්ල වූ මෙම ප්‍රහාරයෙන් පෙන්නුම් කරන්නේ පාකිස්තාන හමුදා සැලසුම්කරණයේ පැවැති දැවැන්ත අසාර්ථකත්වයයි. ප්‍රහාරයට ලක්වන ඉලක්කය හමුදාමය එකක්ද යන්න තහවුරු කර ගැනීමට පාකිස්තානය අසාර්ථක වී තිබෙනවා.
එම නිසා, මෙම ස්ථානය ඉලක්ක කිරීමට ගත් තීරණය පිටුපස ඇති ක්‍රියාවලිය පිළිබඳව වහාම විධිමත්, ස්වාධීන සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා එහි තොරතුරු ප්‍රසිද්ධ කළ යුතුයි. අණදීමේ වගකීම යටතේ, වගකිවයුතු සියලු පාර්ශවයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට බලධාරීන් කටයුතු කළ යුතුයි.”
2025 ඔක්තෝබර් මාසයේදී තලේබාන් සංවිධානය සහ පාකිස්තානය අතර දේශසීමා ගැටුම් ආරම්භ වීමෙන් පසු, පාකිස්තාන හමුදාව ඇෆ්ගනිස්ථානය තුළ අඛණ්ඩව ගුවන් ප්‍රහාර එල්ල කරනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart