
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ස්පාඤ්ඤය හමුවේ අතිරේක කාලයේදී 1-0ක් ලෙස පරාජයට පත් වූ 2026 පාපන්දු ලෝක කුසලාන අවසාන මහා තරගයෙන් පසුව ආර්ජන්ටිනා කණ්ඩායමේ ක්‍රීඩකයන් හැසිරුණු නොහොඹිනා ආකාරය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට ලෝක පාපන්දු සම්මේලනය (FIFA) පියවර ගෙන තිබේ.
අවසන් තරගයේදී ස්පාඤ්ඤ ක්‍රීඩකයන් සමඟ ගැටුම් ඇති කර ගැනීමට ආර්ජන්ටිනා ක්‍රීඩක නාහුවෙල් මොලීනා, ලියැන්ඩ්‍රෝ පරේඩෙස්, තියාගෝ අල්මාඩා සහ සහායක පුහුණුකරු රොබර්ටෝ අයායිලා ඇතුළු පිරිසක් සම්බන්ධ වී ඇත.
මොලීනා විසින් ස්පාඤ්ඤ නායක රොඩ්‍රිට පහරදීමට උත්සාහ කරන ආකාරය සටහන් වූ අතර, මෙම ප්‍රචණ්ඩකාරී හැසිරීම් “විනයගරුක් හැසිරීම් නීති උල්ලංඝනය කිරීමක්” සහ “පාපන්දු ක්‍රීඩාවට කැළලක් ඇති කිරීමක්” ලෙස සැලකිය හැකි බව ෆීෆා විනය කමිටුව පවසයි.
තරගාවලිය පුරාම ආර්ජන්ටිනා කණ්ඩායමේ සහ රසිකයන්ගේ හැසිරීම් දැඩි දෝෂදර්ශනයට ලක්විය.
ඊජිප්තුවට එරෙහි අර්ධ අවසන් තරගයේදී පාක්ෂික තීරණ ලැබුණු බවට එල්ල වූ චෝදනා, එංගලන්තයට එරෙහි තරගයෙන් පසු ෆෝක්ලන්ඩ් දූපත් සම්බන්ධයෙන් ප්‍රකාශ කළ මතභේදාත්මක ප්‍රකාශ සහ ජාතිවාදී ප්‍රකාශ හේතුවෙන් ඔවුන් දැඩි ලෙස විවේචනයට ලක්විය.
මේ අතර, ආර්ජන්ටිනාව ලෝක කුසලාන තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම තහනම් කරන ලෙස ඉල්ලා ආරම්භ කරන ලද ‘Argentina Out’ නම් පෙත්සමට මිලියන 23කට අධික පිරිසක් (23,316,108) අත්සන් තබා ඇත.
මෙය ගිනස් ලෝක වාර්තාවකට ආසන්න වූ අත්සන් සංඛ්‍යාවකි.
ෆීෆා සංවිධානය සහ විනිසුරුවන් ලියොනල් මෙසීට සහ ආර්ජන්ටිනාවට පක්ෂපාතී වන බවට චෝදනා කළ මෙම පෙත්සම මේ වන විට අවසන් කර ඇති අතර, ලොව පුරා රටවල් 170කට වැඩි සංඛ්‍යාවකින් සතියක් ඇතුළත ඊට ලැබුණු විශාල ජනතා ප්‍රතිචාරය පාපන්දු ඉතිහාසයේ කැපීපෙනෙන සිදුවීමක් බවට පත්ව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart