
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මේ මොහොතේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සඳහා සිදු කළ යුතු වන්නේ රුපියල ශක්තිමත් කර ගැනීම, අපනයන වැඩි කිරීම, ආයෝජන රටට ගෙන්වා ගැනීම අපනයන විවිධාංගීකරණයක් ඇති කිරීම මෙන්ම ආනයන සඳහා ආදේශක නිෂ්පාදනය වැනි ක්‍රියාමාර්ග බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක යෝජනා කළේය.
ඒ පිළිබඳ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ඉහත යෝජනා ක්‍රියාත්මක කළ හොත් වෙළඳ ශේෂය සහ ගෙවුම් ශේෂය රටට වාසිදායක ලෙස ශක්තිමත් වනු ඇති බවයි.
එහෙත් එය ආණ්ඩුවට පමණල් ලඝු කර දැක්විය නොහැකි බව පැවසූ මන්ත්‍රීවරයා ඒ සඳහා මහ බැංකුව මැදිහත් වී ඔවුන්ගේ මූල්‍ය ක්ෂේත්රය භාවිත කර සියලුදෙනා එක්වී කටයුතු කළ යුතු බව ද පැවසුවේය.
”ලංකාවේ සල්ලි එකතු කිරීම විතරක් ආර්ථික සංවර්ධනයට හේතුවෙන්නේ නැහැ. මේක වියදම් කරන්න අවශ්‍යයි. මේවා අනිත් ඔක්කොම සාධක එකතු කරලා තමයි රටේ ආර්ථිකය හදන්න අවශ්‍ය වෙන්නේ. ඇයි මම මේ සටන ගෙනියන්නේ හැමවෙලාවෙම. මේ සටන ගෙනියන එකෙන් කිසිම පුද්ගලික තෘප්තියක් ලැබෙන්නේ නැහැ. හැබැයි අපි මේවා පරිපාලනය කරන අවස්ථාවේදී දුන්න දසවධ තුළ රටේ ආර්ථිකය කඩා වැටෙනවා කියලා බල බල ඉන්නකොට ඒ අය මේවා නිසි සැලකිල්ලකට ගත්තේ නැති දේවල් තමයි දැන් මේ සිද්ධ වෙලා තියෙන්නේ. ඉතිං අපි එදා කිව්වහම ඒවා නොකිරීම සම්බන්ධයෙන් මගේ අත්දැකීම තමයි මේවා තමයි ප්‍රශ්නවලට හේතු වෙලා තියෙන්නේ.”
ceylonwire.lk වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart