July 10, 2026

රටේ ආර්ථික අර්බුධයට මහ බැංකුව ඍජුව වගකිව යුතු බවත්, ඔවුන්ගේ වගකීම වන්නේ රට ආර්ථික අර්බුදයකට ඇද වැටීමෙන් අනතුරුව ඒ බව නිවේදනය කිරීම නොවන බවත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසුවේය.

ceylonwire.lk වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව පැවසූ මන්ත්‍රීවරයා ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් පවතින අර්බුදය සම්බන්ධයෙන් ද අදහස් පළ කළේය.

එහිදී ඔහු පැවසුවේ මේ සම්බන්ධයෙන් තමන් පාර්ලිමේන්තුවේදී විමසා සිටියේ පසුගිය වසරේදී බවයි.

මහබැංකුව ඇතුළු වගකිව යුතු ආයතන ක්‍රියාත්මක විය යුත්තේ අහිංසක පාරිභෝගිකයින්ට එරෙහිව පමණක් නොවන බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, ක්‍රිප්ටෝ මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් රට තුළ නිසි නියාමනයක් නොමැති වීම සම්බන්ධයෙන් ද චෝදනා කළේය.

”ජනවාරි 21 වනදා 2025 මම ඇහුවා මේ සම්බන්ධයෙන් අපේ මහ බැංකුව මේ සම්බන්ධයෙන් මොන ආකාරයේ ප්‍රතිචාරයක් ද ලබා දෙන්නේ කියලා. එතකොට එවෙලේ දුන්න උත්තරේ තමයි ‘මේක නීත්‍යානුකූලත් නෑ, නීත්‍යානුකූල නැත්තෙත් නෑ’ කියලා. ඉතිං මම ඇහුවා මේකෙන් ලැබෙන ආදායම ගැන. මේකෙන් ලැබෙන ආදායමට බදු ගෙවන්නේ නැහැ. ඉතිං මම කිව්වා බදු නොගෙවන, මේ වගේ සල්ලි රටින් පිටට යන ඒවා ඇයි පාලනය හෝ කළමනාකරණය නොකරන්නේ කියලා. එතකොට කිව්වා ඒක ආණ්ඩුවේ වැඩක් කියලා. ඊට පසුව මම මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන් පාර්ලිමේන්තුවෙන් ප්‍රශ්න අහලා. හැමකෙනාම බදු ගෙවනකොට සියයට 30, ඇයි මේ පිටරටට වාසියක් ලබා ගන්න පුලුවන් විදිහට විතරක් මේ බදු නොගෙවන ස්වරූපයක් ඇති කරන්නේ. අන්න ඒකෙන් පටන් ගත්ත ක්‍රිප්ටෝ එකේ අන්තිමට ලැබුණේ මේ සල්ලි රටින් පිටට ගිහිං තියෙනවා බැංකු හරහා.”