
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සීටී ස්කෑන් යන්ත්‍ර තුනක් ලබාගැනීම සඳහා රජය රුපියල් මිලියන 750ක මුදලක් වැයකිරීමට නියමිත බව වාර්තා වේ.
කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ, කරාපිටිය ශික්ෂණ රෝහලේ සහ කළුතර මූලික රෝහලේ දැනට පවතින සීටී ස්කෑන් යන්ත්‍ර අක්‍රිය වී ඇති අතර, ඒ හේතුවෙන් රුපියල් මිලියන 750 ක වටිනාකමකින් යුත් යන්ත්‍ර ප්‍රතිස්ථාපන කිරීමට අවශ්‍ය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ස්කෑන් යන්ත්‍ර තුන අලුත්වැඩියා කළ නොහැකි බවත්, ඒ වෙනුවට නව යන්ත්‍ර ලබාදිය යුතු බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව, එක් යන්ත්‍රයක් රජයේ මුදලින් මිලදී ගන්නා අතර, ඉතිරි යන්ත්‍ර දෙක ආසියානු සංවර්ධන බැංකුව විසින් ලබාදෙන ණය පහසුකම යටතේ ලබාගැනීමට නියමිතව ඇත.
රජයේ රෝහල්වල ඇති සීටී ස්කෑන් යන්ත්‍ර 44න් 12ක් මීට පෙර ක්‍රියාවිරහිතව තිබේ.
කෙසේ වෙතත්, ක්‍රියා විරහිත වූ යන්ත්‍ර හයක් නැවතත් යථා තත්ත්වයට පත්කිරීමට අමාත්‍යාංශය කටයුතු කර ඇති අතර, ඉතිරි යන්ත්‍ර තුනෙහි අලුත්වැඩියා කටයුතු තවමත් සිදුවෙමින් පවතී.
කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ සීටී ස්කෑන් යන්ත්‍ර 12ක්, කුරුණෑගල, කරාපිටිය, ත්‍රිකුණාමලය, හම්බන්තොට, බදුල්ල, රත්නපුර, කළුතර, හොරණ, ජාතික දන්ත රෝහල, සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහල සහ මාතර රෝහලේ අනෙකුත් සීටී ස්කෑන් යන්ත්‍ර මසකට පෙර අක්‍රිය විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart