
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බලපත්‍ර රහිත තිරිඟු පිටි ආනයනය සඳහා රජය විසින් පනවා ඇති තහනමින් අනතුරුව දේශීය තිරිඟු පිටි සැපයුම්කරුවන් රුපියල් බිලියන ගණනක අනවශ්‍ය ලාභයක් ලබාගැනීමේ චෝදනාවලට මුහුණ දී සිටින බව රාජ්‍ය මූල්‍ය පිළිබඳ කාරක සභා රැස්වීමේදී (COPF) හෙළිදරව්වී ඇත.
රාජ්‍ය මූල්‍ය පිළිබඳ කාරක සභා රැස්වීම ඊයේ (15) එහි වැඩබලන සභාපති පාඨලී චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන් රැස්ව තිබේ.
තිරිඟු පිටි මිලෙහි ගෝලීය පහත වැටීමත් සමඟ ජූනි 14 වැනිදා පැනවූ තහනම පිළිබඳව මෙම සාකච්ඡා පවත්වා ඇත.
තිරිඟු පිටි සමාගම් දෙක විසින් උපයා ඇති බව කියන ලාභයේ නිශ්චිත ප්‍රමාණය දැක්වෙන සවිස්තර වාර්තාවක් ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව සභාපති රණවක සඳහන් කර තිබේ.
ඔවුන් බිලියන ගණනින් විශාල ලාභයක් ලබා ඇති බවත්, ඒ පිළිබඳව ගණන කර නිශ්චිත මුදල හෙළිකරන බවත්, ඔහු පවසයි.
මුදල් අමාත්‍යාංශය ආනයන තහනම හඳුන්වා දී ඇත්තේ, දේශීය කර්මාන්ත සුරක්ෂිත කිරීමට සහ විදේශ විනිමය සංචිත සංරක්ෂණය කිරීමට යැයි වෙළඳ ඇමැති නලින් ප්‍රනාන්දු චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් සඳහන් කර ඇත.
කෙසේ වෙතත්, අදාළ සමාගම් දෙක ඉහළ ලාභයක් සහිතව ක්‍රියාත්මක වන බව ඔහු පිළිගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart