
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කැනඩාවේ සිට එවන ලද පාර්සලයක් තුළ සුනඛ ආහාර ලෙස පැමිණි රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා රේගුව විසින් ඊයේ මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට ගෙන ඇත.
මධ්‍යම තැපැල් හුවමාරුවේ රේගු තැපැල් තක්සේරු ශාඛාවේ නිලධාරීන් විසින්, මැයි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි, මහරගම ප්‍රදේශයේ ලිපිනයකට යොමුකර ඇති භාණ්ඩ තොගයක් සැකපිට විවෘත කර ඇත.
මෙහිදී සුනඛ ආහාර වර්ග සහ සුනඛ බිස්කට් අතර තිබී මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා පවසයි.
මෙම පාර්සලය ලබාගැනීමට කිසිවකු නොපැමිණි බැවින්, සිදුකළ සොයාබැලීමකදී, එය මහරගම ප්‍රදේශයේ ව්‍යාජ ලිපිනයකට යවා ඇති බව රේගුව විසින් අනාවරණය කරගෙන තිබේ.
එම පාර්සලයේ තිබී හෂීස් ග්‍රෑම් 670ක් සොයාගෙන ඇති අතර, මේ වන විට කොළඹ හෂීස් ග්‍රෑම් එකක ‘වීදි වටිනාකම’ රුපියල් 15,000ක් පමණ වේ. තොගයේ සම්පුර්ණ වටිනාකම රුපියල් 10,050,000 කි.
මෙම හොර බඩු තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදීමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart