
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉදිරි ජනාධිපතිවරණයකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කළහොත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අගමැති ධූරයට පත්කිරීමේ කොන්දේසිය මත ජනාධිපතිවරයාට සහාය ලබාදිය යුතු බව ඇතැම් සමගි ජන බලවේග මන්ත්‍රීවරුන්ගේ මතය වී තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසන්නේ, සජිත් ප්‍රේමදාස අගමැති ධූරයට පත්කිරීමේ කොන්දේසිය මත මහ මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් තමා ඇතුළු සෙසු පිරිස ජනපතිට සහාය දීමට කැමති බව එම පක්ෂයේ එක් මන්ත්‍රීවරයකු දැනටමත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී පවසා ඇති බවයි.
“මහ මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් පැවැත්වුවොත් රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස අගමැති ලෙස පත්කරන බව පැහැදිලිව පෙනෙන මෙතනදී නිසා අලුතින් ගිවිසුම් අවශ්‍ය නැහැ” යැයි ඔහු පවසයි.
මේ අතර ඊයේ මහනුවරදී සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ එකිනෙකා සමඟ සංසන්දනය කරන ලෙස ජනමාධ්‍යවේදියකු කළ විමසීමකදී සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න ප්‍රකාශ කළේ නායකයන් දෙදෙනාම තමාගේ ඇස් දෙක වැනි බවයි.
කෙසේ වෙතත්, මෙම ගැටළුව සම්බන්ධයෙන් සමගි ජන බලවේගය දෙකඩ වී ඇති බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart