
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තුර්කිය විසින් ශ්‍රී ලංකාවට මිලිටරි (හමුදා) ඩ්‍රෝන යානා අලෙවි කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර, ඒ පිළිබඳ තාක්ෂණික ඉදිරිපත් කිරීමක් සිදුකිරීම සඳහා එරට තාක්ෂණික කණ්ඩායමක් නුදුරේදීම දිවයිනට පැමිණීමට නියමිත බව උසස් නිලධාරියෙක් ප්‍රකාශ කර ඇත.
බණ්ඩාරනායක අන්තර්ජාතික රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනයේ පැවැති සම්මන්ත්‍රණයකදී අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති ආචාර්ය සෙමිහ් ලුට්ෆු තුර්ගුට් කියාසිටියේ, තම රට ශ්‍රී ලංකාව සමඟ පවතින ද්විපාර්ශ්වික සබඳතා සියලු ක්ෂේත්‍ර ඔස්සේ තවදුරටත් ශක්තිමත් කිරීමට සැලසුම් කරමින් සිටින බවයි.
තම රටේ නිෂ්පාදිත ඩ්‍රෝන යානා පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකිරීම සඳහා තාක්ෂණික කණ්ඩායමක් නුදුරේදීම ශ්‍රී ලංකාවට පැමිණෙන බව ඔහු පැවසීය.
ඉන් අනතුරුව, ශ්‍රී ලංකා නියෝජිත පිරිසකට ද එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට අවස්ථාව ලැබෙනු ඇති බව හෙතෙම සඳහන් කළේය.
“මේවා ප්‍රධාන වශයෙන්ම නිරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය වන මිලිටරි ඩ්‍රෝන යානා” යැයි තානාපතිවරයා වැඩිදුරටත් කියාසිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart