
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අදාළ පාර්ශ්වයන්ගේ අනුමැතියකින් තොරව අත්සන් කරන ලද ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික ගිවිසුම් අවලංගු කිරීමට අනාගත ආණ්ඩුවලට නොහැකිවන නව නීති සකස් කිරීම කෙරෙහි ශ්‍රී ලංකා රජය බරපතල ලෙස අවධානය යොමුකර ඇතැයි වාර්තා වේ.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව විසින් කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය (ECT) සහ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ (LRT) ව්‍යාපෘති ඇතුළු ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික ගනුදෙනු කිහිපයක් ඒකපාර්ශ්විකව අවලංගු කර වසර තුනකට පසුව ඉන්දියාව, ජපානය, එක්සත් ජනපදය සහ සිංගප්පූරුව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා අලුත් කරගැනීමේ පියවරක් ලෙස රජය මෙම කටයුත්ත සිදුකරන බව පැවසේ.
ජාතික සංවර්ධනයට අත්‍යවශ්‍ය යැයි තීරණය කරන ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික ගිවිසුම්වලට එළැඹීමෙන් පසු, අදාළ පාර්ශ්වයන්ගේ අනුමැතියකින් තොරව එම ගිවිසුම්වලින් බැහැරවීම වැළැක්වීමට නීති සම්පාදනය කළ යුතු බවට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලදීද සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ.
“ඒ අනුව සකස් කරන ලද මූලික කෙටුම්පත මත පදනම්ව නව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකවරයාට උපදෙස් දීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී” යනුවෙන් කැබිනට් තීරණ පිළිබඳ රජයේ ලේඛනයේ සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart