
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර සහයෝගීතාවයෙන් ප්‍රබල විපක්ෂයක් ගොඩනැගීම වත්මන් යුගයේ අවශ්‍යතාවයක් බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක පැවසීය.
ජූලි 15 වැනිදා නුවරඑළියේ පැවැති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් නවීන් දිසානායක කියාසිටියේ, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර එකමුතුකම සම්බන්ධයෙන් පැවැති සාකච්ඡා මඟින් වඩාත් පුළුල් සහයෝගීතාවයක් කරා ගමන් කිරීම සඳහා පදනමක් නිර්මාණය වී ඇති බවයි.
“වඩාත්ම වැදගත් දෙය තමයි එජාපය සහ සජබය එකතු වෙලා මේ රටේ ප්‍රධාන විපක්ෂයක් ගොඩනැගීම. මෙය දැනට තිබෙන කණ්ඩායම් කඩාකප්පල් කිරීමක් නෙවෙයි. එය සාක්ෂාත් කරගැනීම සඳහා දැන් අපට මූලික පදනමක් ලැබී ඇතැයි මා විශ්වාස කරනවා” යැයි ඔහු පැවසීය.
ලංකා කම්කරු කොංග්‍රසය, සජබය සහ එජාපය යන පක්ෂවලට එක්ව කටයුතු කළ හැකි බව පැවසූ නවින් දිසානායක, වෙන් වෙන්ව ඉදිරියට යන කණ්ඩායම්වලට අනාගතයක් නොමැති බව ද සඳහන් කළේය.
රජය විසින් වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 700 කින් වැඩිකළද, ඔවුන් මුහුණ දෙන අභියෝග එලෙසම පවතින බවත්, අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යෑම හමුවේ එම වැඩිවීම ප්‍රමාණවත් නොවන බවත් හෙතෙම කියාසිටියේය.
තමන් වැවිලි කර්මාන්ත අමාත්‍යවරයාව සිටි සමයේදී ඵලදායිතාව මත පදනම් වූ වැටුප් සූත්‍රයක් හඳුන්වාදීමට සාකච්ඡා පවත්වා තිබූ බවත්, තම පක්ෂය බලයේ සිටියේ නම් වතු ජනතාවට මීට වඩා සහනයක් සැලසිය හැකිව තිබූ බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
දූෂණ චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියාසිටියේ, දේශපාලන පක්ෂපාතීත්වයකින් තොරව නිසි නීතිමය ක්‍රියා පටිපාටියක් ඔස්සේ වැරදිකරුවන්ට එරෙහිව පියවර ගැනීමට එජාපය සහයෝගය දක්වන බවයි.
“අපටත් ඕන හොරු සහ දූෂිතයෝ අල්ලන්න. එජාපය පැහැදිලිවම ඉන්නේ ඒ පාර්ශවයේ” යැයි පැවසූ ඔහු, රජය විරුද්ධවාදීන් ඉලක්ක කර ගනිමින් දේශපාලන පළිගැනීම්වල නිරත වන බවට ද චෝදනා කළේය.
මෑතකදී බන්ධනාගාරය තුළ සිදු වූ සිදුවීමෙන් රජයේ අකාර්යක්ෂමතාවය හෙළි වී ඇති බව පැවසූ නවින් දිසානායක, විශේෂ කණ්ඩායමක් වැලිකඩ බන්ධනාගාරයට මාරුකිරීම සම්බන්ධයෙන් ගෙන ඇති තීරණ පිළිබඳව ප්‍රශ්න කළේය.
බන්ධනාගාර අතර මෙවැනි කණ්ඩායම් හුවමාරු කිරීම අසාමාන්‍ය තීරණයක් බවත්, එය නොසැලකිලිමත් ක්‍රියාවක් ලෙස හැඳින්විය හැකි බවත් පැවසූ ඔහු, මිනිසුන් 31 දෙනෙකුගේ මරණ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු වගකිවයුතු නිලධාරීන් වගකිව යුතු බව ද කියාසිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart