
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් තත්ත්වය සහ එහි සංශෝධිත ව්‍යවස්ථාවක් සකස් කිරීම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල (ICC) විධායක මණ්ඩලයේ විශේෂ අවධානයක් යොමුව තිබේ.
ස්කොට්ලන්තයේ එඩින්බරෝ නුවර පැවැති ICC වාර්ෂික මහා සභා රැස්වීම් මාලාවෙන් අනතුරුව, එහි පාලන ව්‍යුහය, සාමාජිකත්වය සහ සාමාජික රටවල් සඳහා වන සහයෝගීතාවයන් සම්බන්ධයෙන් තීරණ කිහිපයක් සඳහා විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.
එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ද වැදගත් තීරණ කිහිපයකට එළඹ ඇත.
ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය හැකි ඉක්මනින් පැවැත්වීමේ අවශ්‍යතාවය ICC විධායක මණ්ඩලය විසින් මෙහිදී නැවත වරක් දැඩිව අවධාරණය කර තිබේ.
දැනට පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ඉදිරි කාලසීමාව සඳහා ද ICC විධායක මණ්ඩල රැස්වීම් නියෝජනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පනවා ඇති තහනම ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීමට විධායක මණ්ඩලය එකඟතාවයකට පැමිණ ඇත.
ඒ අනුව සංශෝධිත ව්‍යවස්ථාව යටතේ නිසි පරිදි නිලවරණයක් පවත්වා ස්වාධීන පාලන ව්‍යුහයක් ස්ථාපිත කරන තෙක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ඉහළම තීරණ ගන්නා මණ්ඩලයට සහභාගී වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට තවදුරටත් අහිමි වනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart