
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය ආණ්ඩුව යටතේ තමන්ව පත්කරනු ලැබුවද, වත්මන් ආණ්ඩුව කිසි විටෙකත් තමන්ට ධුරයෙන් ඉවත් වන ලෙස නොදැන්වූ බවත්, ඒ වෙනුවට දිගටම සේවය කරන ලෙස ඉල්ලා සිටි බවත් ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ධුරයෙන් සමුගන්නා මහින්ද සමරසිංහ පවසයි.
ඇමරිකාවේ පැවැති තම සමුගැනීමේ උත්සවයකදී අදහස් දක්වමින් මහින්ද සමරසිංහ කියාසිටියේ, ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු පෙර ආණ්ඩුව විසින් පත්කරන ලද තානාපතිවරුන් රැසක් ඔවුන්ගේ ධුර කාලය අවසන් වීමට පෙර නැවත කැඳවනු ලැබුවද, තමන් ඒ අතර නොසිටි බවයි.
“ආණ්ඩුව මට කවදාවත් ඉවත්වෙන්න කිව්වේ නැහැ. ඔවුන් මට දිගටම රැඳීසිටිමින් මගේ වැඩකටයුතු කරගෙන යන්න කිව්වා” යැයි පැවසූ මහින්ද සමරසිංහ, සිය ධුර කාලය පුරාම වත්මන් පරිපාලනය සමඟ ශක්තිමත් සේවා සබඳතාවක් පවත්වාගෙන ගිය බව ද සඳහන් කළේය.
නිල ප්‍රකාශයක් සඳහා අනුමැතිය ලබාගැනීම පිණිස තමන් මෑතකදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වූ බව අනාවරණය කළ ඔහු, ඇමරිකානු තීරුබදු අනුපාත තවදුරටත් අඩුකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ඉක්මනින්ම ‘සුභ ආරංචියක්’ ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ප්‍රකාශ කළේය.
තම රාජ්‍යතාන්ත්‍රික සේවා කාලය තුළ තමන් දේශපාලනයෙන් ඔබ්බට ගොස් කටයුතු කළ බවත්, මෙරටට පැමිණීමෙන් පසුව ද ශ්‍රී ලංකාවට දිගටම සේවය කරන නමුත් නැවත සක්‍රීය දේශපාලනයට පිවිසීමක් හෝ කිසිදු දේශපාලන පක්ෂයකට බැඳීමක් සිදුනොකරන බවත් මහින්ද සමරසිංහ පවසයි.
රටේ යහපත උදෙසා අනාගතයේදී රජය තමන්ගේ සහාඅය පැතුවහොත්, දේශපාලනික නොවන මට්ටමකින් දායක වීමට තමන් කිසිසේත් පසුබට නොවන බව ද ඔහු වැඩිදුරටත් පවසයි.
යුද සමය සිහිපත් කරමින් මහින්ද සමරසිංහ පවසන්නේ, එල්.ටී.ටී.ඊ. (සංවිධානය විසින් තමන් ඝාතනය කිරීමට ගත් උත්සාහයන් දෙකකින් තමන් දිවි ගලවාගත් බවයි.
එමෙන්ම, රට වෙනුවෙන් ජීවිත පූජා කළ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්ට සහ දේශපාලන නායකයන්ට උපහාර පිදූ ඔහු, ඔවුන්ගේ පරිත්‍යාගයන් රටේ නිදහස රැක ගැනීමට විශාල ශක්තියක් වූ බව ද අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart