
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ඉදිරි විකාශන අයිතීන් පිළිබඳ සාකච්ඡාවලට පෙර අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ වාණිජමය වටිනාකම ඉහළ නැංවීම ඉලක්ක කරගනිමින්, අන්තර්ජාතික ක්‍රිකට් දින දර්ශනයට දැවැන්ත වෙනස්කම් රැසක් සිදු කිරීමට සූදානම් වන බව BBC Sport වාර්තාවක් හෙළිකරයි. එඩින්බර්ග්හි පැවති ICC වාර්ෂික මහා සභා රැස්වීමේදී මෙම යෝජනා පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.
මෙම යෝජනා අතරට එක්දින ලෝක කුසලාන කණ්ඩායම් සංඛ්‍යාව සීමාකිරීම, ලෝක ටෙස්ට් ශූරතාවලියට නව වට එකතු කිරීම සහ ලොව පුරා ලීග් කණ්ඩායම් සහභාගී වන ක්ලබ් විස්සයි20 තරගාවලියක් හඳුන්වාදීම ඇතුළත් වේ.
එලෙස යෝජිත ප්‍රධාන වෙනස්කම් 3 මෙන්න:
– එක්දින ලෝක කුසලාන කණ්ඩායම් සීමාකිරීම සහ ‘Super 7’ වටය: දැනට 2027 වසරේ සිට කණ්ඩායම් 14ක සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත පිරිමි එක්දින ලෝක කුසලාන තරගාවලිය කණ්ඩායම් 12ක් දක්වා අඩුකිරීමට ICCයේ අවධානය යොමුව ඇත. එමෙන්ම දැනට පවතින ‘සුපිරි 6’ (Super Six) වටය වෙනුවට නව ‘සුපිරි 7’ (Super 7) වටයක් හඳුන්වාදීමට ද යෝජනා වී තිබේ.
– ටෙස්ට් ලෝක ශූරතාවලියට අවසන් පූර්ව වටයක්: ලෝක ටෙස්ට් ශූරතාවලියේ පවතින තරඟකාරීත්වය තවදුරටත් තීව්ර කිරීම සඳහා ඊට අවසන් පූර්ව වටයක් (Semi-Finals) හඳුන්වාදීමට සාකච්ඡා කෙරේ. මෙමඟින් වැඩි කණ්ඩායම් සංඛ්‍යාවකට තරගාවලියේ අවසානය දක්වාම ශූරතාව සඳහා සටන් වැදීමේ අවස්ථාව හිමිවනු ඇත.
– ලෝක ක්ලබ් විස්සයි20 තරගාවලිය (World Club T20): ලොව පුරා ප්රමුඛ පෙළේ දේශීය 20-20 ෆ්‍රැන්චයිස් කණ්ඩායම් සහභාගී කරවමින් ගෝලීය මට්ටමේ ක්ලබ් විස්සයි20 ශූරතාවලියක් නැවත ආරම්භ කිරීම ද ICCයේ තවත් එක් සුවිශේෂී යෝජනාවකි.
කෙසේවෙතත්, බීබීසී වාර්තාව පෙන්වාදෙන්නේ මෙම යෝජනා මේ වන විටත් සාකච්ඡා මට්ටමේ පවතින අතර ICCය විසින් මෙතෙක් ඊට නිල අනුමැතිය ලබා දී නොමැති බවයි.
මෙම යෝජනා නිල වශයෙන් ක්‍රියාත්මක කිරීමට පෙර සියලුම පාර්ශවකරුවන් සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිතව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart