July 15, 2026

කටුනායක ගුවන් තොටුපොළෙන් කුවේට් සහ දමාම් බලා පියාසර කළ ශ්‍රී ලන්කන් ගුවන් යානා 02 ක් , මැදපෙරදිග කලාපයේ හදිසියේ හටගත් යුදමය වාතාවරණයත් සමඟ, එම ගුවන් අවකාශ වසාදැමීම නිසා පැයකට අධික කාලයක් , එම කලාපයට ආසන්න ඉහළ අහසේ රවුම් ගසමින් සිට, සුරක්ෂිතව එම ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්වීමට නියමුවන් සමත් වූ බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා පැවසීය .

මෙම ගුවන්යානා දෙක අද උදෑසන වනවිට, යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 229 දරන ගුවන් යානය කුවේට් රාජ්‍යයේ කුවේට් රාජ්‍යයේ සිට අන්තර්ජාතික ගුවන් තොටුපොළ වෙත ඊයේ (14) දින පස්වරු 05.10 ටත්, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 253 දරන ගුවන් යානය දමාම් අන්තර්ජාතික ගුවන් තොටුපොළ වෙත ඊයේ (14) රාත්‍රී 06.36 ට කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබේ .

මෙම ගුවන් යානා ඒ.- 321නියෝ වර්ගයේ ගුවන් යානා දෙකකි.(ලංකාදීප)