
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2017 වසරේ කටාන පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී කොස්තාපල්වරයකුට හා සැරයන්වරයකුට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස නම් කර සිටි කටාන පොලිසියේ එවකට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වශයෙන් කටයුතු කළ ජගත් තේමිය සේනාරත්න නමැත්තා චෝදනා තුනටම වැරදිකරු බව මීගමුව පූර්වගාමී මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ තීන්දු කළේය.
ඒ අනුව විත්තිකරුට මාස 09ක සිරදඬුවම් නියම කළ අතර එය වසර පහකට අත්හිටුවීමට නියෝග කළේය.
එමෙන්ම පොලිස් සැරයන්වරයාට ලක්ෂ පහක වන්දියක් සහ කොස්තාපල්වරයාට ලක්ෂ හතහමාරක වන්දියක් ගෙවන ලෙසද විත්තිකරුට නියෝග කෙරුණු අතර එම වන්දිය නොගෙවන්නේ නම් තවත් මාස 12ක සිරදඬුවම් ද නියම කෙරිණි.
දඬුවම් නියම කිරීමට පෙර ජනාධිපති නීතිඥ ශානක රණසිංහ විත්තිකරු සම්බන්ධයෙන් පෙර වැරදි කිසිවක් නොමැති නිසා ලිහිල් දඬුවම් නියම කරන ලෙසත් නැවත සමාජගත වීමට හැකිවන පරිදි අත්හිටවූ සිරදඬුවමක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.
එම නඩුවේ තීන්දුව ඉකුත් ජුනි 16දා ප්‍රකාශයට පත්කරමින් මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා සඳහන් කළේ විත්තිකරු චෝදනා තුනටම වරදකරු බවත් දඬුවම් නියම කිරීම ජූලි 14 දා දක්වා කල්තබන බවත්ය.
ඒ අනුව ඊයේ මෙලෙස තීන්දුව ප්‍රකාශයට පත්කෙරිණි. විත්තිකරුගේ ඇඟිලි සලකුණු අධිකරණයට ලබාදෙන ලෙසද එහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
2017 වසරේදී තමන් යටතේ සිටි නිලධාරීන් දෙදෙනකුට පහරදීම සම්බන්ධයෙන් එම නිලධාරීන් විසින් මෙම විත්තිකරුට එරෙහිව නඩු පැවරූ අතර නීතිපතිවරයාගේ උපදෙස් අනුව සැකකාර ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
වසර 09 ක දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කෙරිණි.
විත්තිකාර ප්‍රධාන පොලිස් පරීක්ෂක ජගත් තේමිය සේනාරත්න නැමැත්තා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශානක රණසිංහ, ජ්‍යෙෂ්ඨ නීතිඥ ඉන්දික සිල්වා පෙනීසිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart