July 14, 2026

ජාතික ජන බලවේගයේ බදුල්ල මන්ත්‍රී මහින්ද ගුණසේකර බදුල්ල මහ නගර සභාවේ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

මහින්ද ගුණසේකර මෙලෙස ඉල්ලා අස්වී ඇත්තේ පෞද්ගලික හේතූන් මත බව වාර්තා වේ.

ඔහුගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ජාතික ජන බලවේගයේ නව බදුල්ල මහනගර සභා මන්ත්‍රීවරයා ලෙස ජයසේන රත්නායක දිවුරුම් දී ඇත.

ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර ඉදිරියේ ජයසේන රත්නායක මෙලෙස දිවුරුම් දී තිබේ.