
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති සංක්‍රාන්ති ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා මෙරට විශාලතම ජාලගත මට්ටමේ බලශක්ති ගබඩා ව්‍යාපෘතියක් වන මෙගාවොට් 250 ක (250 MW / 1,000 MWh) ස්වාධීන බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් ගොඩනැගීම සඳහා රජය අන්තර්ජාතික ටෙන්ඩර් කැඳවා තිබේ.
බලශක්ති අමාත්‍යාංශය යටතේ පවතින ජාතික පද්ධති ක්‍රියාකරු (National System Operator – NSO) විසින් මෙම ව්‍යාපෘතිය සඳහා අන්තර්ජාතික තරඟකාරී ලංසු කැඳවා ඇති අතර, එය ‘සංවර්ධනය කිරීම, හිමිකාරිත්වය දැරීම සහ ක්‍රියාත්මක කිරීම’ පදනම මත ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා පිහිටි උපපොළවල් 25ක මෙගාවොට් 10 ක (10 MW / 40 MWh) බැටරි ගබඩා ඒකක බැගින් ස්ථාපිත කෙරේ.
අම්බලන්ගොඩ, අම්පාර, බොලවත්ත, චුන්නාකම්, හම්බන්තොට, කුරුණෑගල, මාතර, ගාල්ල සහ මොනරාගල මීට ඇතුළත් ප්‍රදේශ කිහිපයකි.
තෝරාගන්නා ලංසුකරුවන් ජාතික පද්ධති ක්‍රියාකරු (NSO) සමඟ වසර 15ක බලශක්ති ගබඩා ගිවිසුමකට එළඹිය යුතුය.
අදාළ ව්‍යාපෘතිය සැලසුම් කිරීම, මූල්‍ය ප්‍රතිපාදන සෙවීම, ඉදිකිරීම, ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කිරීම මෙන්ම ජාල අන්තර් සම්බන්ධතා පිරිවැය දැරීම සහ අවශ්‍ය සියලුම ව්‍යවස්ථාපිත හා පාරිසරික අනුමැතීන් ලබාගැනීම ලංසුකරුවන් සතු වේ.
ටෙන්ඩර් ලේඛන 2026 අගෝස්තු 13 වැනිදා දක්වා ලබාගත හැකි අතර, ලංසු භාරගැනීම 2026 අගෝස්තු 14 වැනිදා පෙවරු 10.00 ට අවසන් වේ.
මෙම ව්‍යාපෘතිය මඟින් සූර්ය සහ සුළං වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ජාතික පද්ධතියට වඩාත් කාර්යක්ෂමව සම්බන්ධ කිරීමට අවස්ථාව ලැබෙන අතර, එමඟින් විදුලි පද්ධතියේ ස්ථාවරත්වය ඉහළ නංවා, ආනයනික පොසිල ඉන්ධන මත යැපීම අවම කිරීමට අපේක්ෂා කෙරේ.
මෙම ටෙන්ඩර් ක්‍රියාවලිය 2030 වන විට ශ්‍රී ලංකාවේ විදුලි උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමේ රජයේ ඉලක්කයට සහ 2050 වන විට කාබන් මධ්‍යස්ථභාවය ළඟාකර ගැනීමේ දිගුකාලීන අරමුණට සමගාමීව දියත් කර ඇත.
ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ, විශ්වාසදායක පුනර්ජනනීය බලශක්තිය අපේක්ෂා කරන විදේශීය නිෂ්පාදකයන් සහ ආයෝජකයන් රට තුළට ආකර්ෂණය කර ගැනීමට ද මෙවැනි මහාපරිමාණ බැටරි ගබඩා පද්ධති ඉවහල් වන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart