
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුව, මේ වසරේ මුල් මාස හතක කාලය තුළ සෘජු මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වනඅලින් 75 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇත.
එම මරණ සිදු වූ ආකාරය පිළිබඳව වනජීවී දෙපාර්තමේන්තුව දක්වා ඇති තොරතුරු මෙසේය:
– වනඅලින් 30 දෙනකු වෙඩි තබා ඝාතනය කර ඇත.
– නීතිවිරෝධී විදුලි වැටවල් හෝ අනාරක්ෂිත විදුලි රැහැන්වල පැටළීමෙන් අලින් 23 දෙනකු මියගොස් තිබේ.
‘හක්කපටස්’ නමින් හැඳින්වෙන පුපුරන ද්‍රව්‍ය සහිත ඇම අනුභව කිරීමෙන් තවත් වනඅලින් 19 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇත.
විෂ ශරීරගත වීමෙන් වනඅලින් තිදෙනකු (03) මියගොස් තිබේ.
සෘජු මිනිස් ක්‍රියාකාරකම්වලට අමතරව සිදු වූ අනතුරු හේතුවෙන් ද වනඅලි මරණ රැසක් වාර්තා වී ඇත.
ඒ අනුව, දුම්රිය අනතුරුවලින් අලින් දෙදෙනකු (02) ද, මාර්ග අනතුරුවලින් සිව්දෙනකු (04) ද, වගා ළිංවලට වැටීමෙන් හයදෙනකු (06) ද ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් අලි මරණ තුනක් (03) වෙනත් ආකාරයේ අනතුරු නිසා සිදු වී ඇත.
සෘජු මිනිස් ක්‍රියාකාරකම්, අනතුරු සහ ස්වභාවික හේතූන් යන සියල්ල ඇතුළත්ව මෙම මාස හතක කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ත වනඅලි මරණ සංඛ්‍යාව 180කි.
මින් වැඩිම වනඅලි මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ නැගෙනහිර වනජීවී කලාපයෙනි. එම කලාපයෙන් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 44කි.
මීට අමතරව අනුරාධපුරය සහ පොළොන්නරුව වනජීවී කලාපවලින් ද සැලකිය යුතු වනඅලි මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.
මේ අතර, වසරේ ගතවූ මුල් මාස හත තුළ වනඅලි ප්‍රහාර හේතුවෙන් මිනිස් ජීවිත 56ක් අහිමි වී ඇති බව ද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart