
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ෆේස්බුක් සජීවී විකාශයක් (Livestream) අතරතුර ජීවිතක්ෂයට පත් වූ කරන්දෙණිය, තල්ගහවත්ත ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි තරුණයකුගේ මරණය සම්බන්ධයෙන් කරන්දෙණිය පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ දිනේෂ් විජේවර්ධන නැමැති තරුණයෙකි.
ඔහු වසර කිහිපයක් දකුණු කොරියාවේ රැකියාවක නිරතව සිට මෑතකදී මෙරටට පැමිණි අයෙකු බව වාර්තා වේ.
පොලිසිය පවසන පරිදි, මෙම සිදුවීම ජූලි 12 වැනිදා රාත්‍රියේ සිදුව ඇත.
අදාළ සජීවී විකාශය අතරතුර ඔහු මුලින්ම සිය මිතුරන් සමඟ අදහස් හුවමාරු කර ගනිමින් සිට ඇති අතර, පසුව සජීවී විකාශය ක්‍රියාත්මක වෙමින් පවතිද්දීම සියදිවි නසාගෙන තිබේ.
පොලිස් හදිසි ඇමතුම් අංක 119 වෙත ලැබුණු පැමිණිල්ලක් මත පොලිසිය මේ පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇත.
මෘතශරීරය මේ වන විට පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා ඇල්පිටිය රෝහලේ මෘතශරීරාගාරයේ තබා ඇත.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart