
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ව්‍යාපාරිකයකු වන ෂෙහාන් ගුණසේකර ගොනු කළ පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කර තිබේ. පෙත්සම්කාර ෂෙහාන් ගුණසේකර, ව්‍යාපාරිකයෙකු වන ඔස්මන් ගුණසේකර නොහොත් ‘ගම්පහ ඔස්මන්’ගේ පුත්‍රයා වේ.
ඒ අනුව, අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි ඇතුළු පිරිසට එළඹෙන සැප්තැම්බර් මස 03 වැනිදා අධිකරණය හමුවේ පෙනීසිට කරුණු දක්වන ලෙස දන්වා නොතීසි නිකුත් කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය.
ශෂී මහේන්ද්‍රන්ගෙන් සහ ආදිත්‍ය බාලපටබැඳිගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.
ගම්පහ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි ෂෙහාන් ගුණසේකර නීතිඥ අමිල කුමාර මාර්ගයෙන් ගොනුකර තිබූ මෙම පෙත්සම මගින් කියාසිටියේ තමන් වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකු බවයි. ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තමන්ගේ පියාව අත්අඩංගුවට ගෙන මේ වන විට රැඳවුම් නියෝග මත තබාගෙන විමර්ශන සිදුකරන බව ඔහු එහි සඳහන් කර ඇත.
පසුගිය මැයි 13 වනදා තම පියාගේ නිවස සෝදිසි කර ගිනිඅවි දෙකක් සොයාගත් බවත්, එම ගිනිඅවි සඳහා නීත්‍යානුකූල බලපත්‍ර තිබියදීත්, නීතිවිරෝධී අවි තබාගත් බවට ජනමාධ්‍ය මගින් වැරදි ප්‍රචාරයක් යැවූ බවත් පෙත්සම්කරු පෙන්වාදෙයි. කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස තමන්ට දැනුම් දුන් බවත්, ඒ අනුව අවස්ථා කිහිපයකදීම එහි ගොස් ප්‍රකාශ ලබාදුන් බවත් ඔහු පවසයි.
එහිදී තායිලන්තයේ සිටින ‘කෙහෙල්බද්දර පද්මේ’ සමඟ සබඳතා පැවැත්වූවාදැයි ප්‍රශ්න කරමින්, තර්ජනාත්මක ස්වරූපයෙන් තමාගෙන් ප්‍රශ්න කිරීම් සිදුකළ බව පෙත්සම්කරු කියාසිටී. මෙම තත්ත්වය යටතේ තමන්ව ඕනෑම මොහොතක අත්අඩංගුවට ගැනීමේ දැඩි අවදානමක් පවතින බැවින්, එය වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා තිබේ.
අධිකරණයේදී පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ අමිල කුමාරගේ උපදෙස් මත නීතිඥ රුක්ෂාන් සේනාධිර සමඟ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන පෙනීසිටි අතර, නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතිඥ අකිලා දල්පදාදු පෙනීසිටියාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart