
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජයට රුපියල් කෝටි 184 කට අධික මූල්‍යමය පාඩුවක් සිදුකළ බව කියන ආන්දෝලනාත්මක ග්‍රීක බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව පවරා ඇති නඩුව තවදුරටත් පවත්වාගෙන යෑමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය තීරණය කර තිබේ.
මෙම නඩුව පවත්වාගෙන යා නොහැකි බව පවසමින් විත්තිකාර අජිත් නිවාඩ් කබ්රාල් වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ මූලික විරෝධතා සියල්ල ප්‍රතික්ෂේප කිරීමට විනිසුරු මඩුල්ල පියවර ගත්තේය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති මෙම නඩුව, 2012 වසරේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ග්‍රීක රජයේ බැඳුම්කර මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මහාපරිමාණ දූෂණ ක්‍රියාවලියක් මුල් කරගනිමින් ගොනුකර ඇත.
එකල ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී තිබූ පසුබිමක, අවදානම නොතකා රජයේ මුදල් ආයෝජනය කිරීම තුළින් රුපියල් බිලියන 1.84 කට අධික මහජන ධනයක් +රටට අහිමි කර ඇති බවට හිටපු මහබැංකු අධිපතිවරයාට චෝදනා එල්ල වී තිබේ.
විත්ති පාර්ශවය මීට පෙර තර්ක කර තිබුණේ මෙම නඩුව තාක්ෂණික සහ නීතිමය පදනමකින් තොරව ගොනුකර ඇති බැවින් එය නිෂ්ප්‍රභ කරන ලෙසයි.
කෙසේවෙතත්, කරුණු දීර්ඝ ලෙස සලකා බැලූ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට තරම් ප්‍රමාණවත් නීතිමය පදනමක් සහ සාක්ෂි පවතින බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart