July 13, 2026

ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලකගේ දේහයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය අවසන් ගෞරව පුදකර තිබේ.

දිගුකාලීන අසනීප තත්ත්වයකින් පසු කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මරියසෙල් ගුණතිලක පසුගිය සිකුරාදා (10) අලුයම කාලයේදී අභාවප්‍රාප්ත වූවාය.

ඇයගේ දේහය බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබුණු අතර, අවසන් කටයුතු අද (13) දින බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව තිබිණි.