
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තම වැඩිමහල් දියණිය දූෂණය කිරීමේ සැකය මත දඹගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයකු සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන ජූලි 15 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ.
මොණරාගල සහකාර පොලිස් අධිකාරී බී.යූ.පී. මනියංගම මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම සැකකාර සැරයන්වරයාගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇත.
දඹගල්ල, මාරියාව ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකු වන මෙම සැකකරු, පළමුවරට 2022 වසරේදී සිය දියණිය දූෂණය කර ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.
කෙසේවෙතත්, මෙම තරුණිය තරුණයකු සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර, ඊට දැඩි ලෙස විරුද්ධ වූ සැකකරු ඇයට පහර දී ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත.
එහිදී ඇය තමන්ව සිය පියා විසින් දූෂණය කරන ලද බව වෛද්‍යවරයාට ප්‍රකාශ කිරීමත් සමඟ දඹගල්ල පොලිසිය මේ පිළිබඳව පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.
2021 මාර්තු 27 වැනිදා මෙම තරුණියගේ මව මී උණ වැළඳීමෙන් මියගිය පසු, සැකකරු විසින් වරින් වර ඇයව මෙලෙස දූෂණය කර ඇති බව පරීක්ෂණවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.
දඹගල්ල පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart