July 13, 2026

ගාලු මුවදොර ප්‍රදේශයේදී නීතිවිරෝධී සිගරට් 3,000ක් ළඟ තබාගෙන සිටි 37 හැවිරිදි චීන ජාතිකයකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

ලද තොරතුරකට අනුව කොටුව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඉරිදා සවස සිදුකළ වැටළීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

කොටුව පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.