
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගම්පොළ නගරයේ ඇති බෞද්ධ විද්‍යාලය සතු භූමියේ පැවැති ආපනශාලාවේ අප ජලය බැහැර කිරීමට වලක් කැපීමේදී වසර විස්සකට වඩා පැරණි රහගතව ඉදිකරන ලද විශාල කාමරයක් හමුව ඇතැයි පාසල් ආරංචි මාර්ග කියයි.
මේ සම්බන්ධයෙන් එහි විදුහල්පතිවරයා ගම්පොළ පොලිසියට හා කලාප අධ්‍යාපන කාර්යාලය වෙත පැමිණිල්ලක් ද සිදුකර තිබේ.
මේ දිනවල සීග්‍ර ලෙස ව්‍යාප්ත වන ඩෙංගු මදුරුවන් බෝවීම වැළැක්වීම සඳහා පාසල් ළමුන් හා ආචාර්ය මණ්ඩලය ඇතුළු පිරිස් අක්කර දෙකහමාරක් වූ පාසල් වත්ත පිරිසිදු කිරීම ආරම්භ කර තිබේ.
මෙහි පාසලේ ආපනශාලාවේ අප ජලය බැහැර කරන නළ පද්ධතිය වලක් කපා එයට බැහැර කරන ලෙස දුන් උපදේශයකට අනුව පාසල් බිමේ ඒ සඳහා වලක් කපා තිබේ.
එහෙත් අඩි එකහමාරක් දෙකක් පමණ වල කැපීමේදී සිමෙන්ති කොන්ක්‍රීට් ලෑල්ලක් හමුවීම නිසා ඔවුන් එය විද එම අප ජලය එහි තුළට යැවීමට කටයුතු කර තිබෙන්නේ පැරණි අප වහන පද්ධතියක කොටසක් බව සිතාය.
කෙසේවෙතත් පසුව පාසලේ වැට මායිමෙන් එහා පදිංචි නිවසක කාන්තාවක පැමිණ පවසා ඇත්තේ තමන්ට අයිති කාමර කොටසක විදුලි පංකාව අසලින් පාසලේ බටයක් පහළට දමා එහි අප ජලය එම ගොඩනැගිල්ල තුළට වැටෙන බවයි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart