
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඩෙංගු මදුරු දෂ්ට කිරීම්වලින් ආරක්ෂා වීම සඳහා, නියමිත පාසල් නිල ඇඳුමට අමතරව දෑත් සහ දෙපා වැසෙන සුදුසු ඇඳුමකින් සැරසී පාසලට පැමිණීමට සිසුන්ට අවසර දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලුම පාසල් විදුහල්පතිවරුන්ට උපදෙස් දී තිබේ.
පාසල් ළමුන් අතර ඩෙංගු අවදානම අවම කිරීම සඳහා ගන්නා ලද ක්‍රියාමාර්ගවල කොටසක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක මේ බව සඳහන් වේ.
මීට අමතරව, අනුමත ගුණාත්මක ප්‍රමිතීන්ට අනුකූල මදුරු විකර්ෂක භාවිත කරන ලෙස සිසුන්ට උපදෙස් දෙන ලෙස ද අමාත්‍යාංශය විදුහල්පතිවරුන් වෙත දන්වා ඇත.
මේ අතර, මේ වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 68,000 ඉක්මවා ගොස් ඇති අතර, මරණ 47 ක් ද වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
එම ඒකකයට අනුව, අද වන විට දිවයින පුරා සමස්ත ඩෙංගු රෝගීන් 68,071 දෙනෙකු වාර්තා වී තිබේ.
වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ජුනි මාසයේදී වන අතර, එම මාසය තුළ පමණක් ආසාදිතයින් 21,538 දෙනෙකු හඳුනාගෙන ඇත.
ජූලි මාසයේ පළමු දින 11 තුළ පමණක් ඩෙංගු රෝගීන් 12,692 ක් වාර්තා වී ඇති බව පවසන ජාතික ඩෙංගු මර්දන ඒකකය, මෙයින් රෝග ව්‍යාප්තියේ අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරන බව ද පෙන්වා දෙයි.
මේ දක්වා වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර, එම සංඛ්‍යාව 35,823 කි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart