
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළෙන් ගුවන්ගත වූ සැනින් කුරුල්ලෙකු ගැටීමේ අනතුරකට මුහුණ පා, මීගමුව කලපුව ඉහළ අහසේ අසාමාන්‍ය ලෙස පහතින් පියාසර කරමින් තිබූ ටර්කිෂ් එයාර්ලයින්ස් යානය මීට සුළු මොහොතකට පෙර ආරක්ෂිතව ගොඩබස්වා තිබේ.
අද (11) උදෑසන 7:07 ට මගීන් 246 දෙනෙකු ද සමඟින් තුර්කියේ ඉස්තාන්බුල් බලා යාමට මෙම TK-731 දරන යානය කටුනායකින් ගුවන්ගත වී ඇත.
කෙසේනමුත් ගුවන්ගත වී සුළු වේලාවකින් සිදුවූ මෙම අනපේක්ෂිත කුරුලු අනතුර හේතුවෙන් යානය වහාම ආපසු හැරවීමට ගුවන් නියමුවා තීරණය කර තිබේ.
A330 වර්ගයේ පුළුල් බඳ සහිත මෙම දැවැන්ත මගී ගුවන් යානය, එහි අධික බර ප්‍රමාණය අඩු කරගැනීම සඳහා මීගමුව කලපුවට ආසන්න ඉහළ අහසේ ඉතා පහළ මට්ටමකින් වටරවුම් කිහිපයක් ගසමින් අඛණ්ඩව ඉන්ධන දහනය කිරීමට පියවර ගත්තේය.
ගුවන්ගත වී පැය තුනකට අධික කාලයක් තිස්සේ ඉහළ අහසේ රැඳී සිටිමින් සිදුකළ මෙම මෙහෙයුමෙන් පසු, අද උදෑසන 10:24 ට යානය සාර්ථකව කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබස්වන ලදී.
යානය ගොඩබස්වන අවස්ථාවේදී ඇතිවිය හැකි ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණදීම සඳහා ගුවන්තොටුපොළ බලධාරීන් විසින් ගිනි නිවන හා වෛද්‍ය ඇතුළු සියලුම හදිසි මුදාගැනීමේ සේවාවන් දැඩි සූදානමකින් තබා තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart