
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට සංචාරක සහ ආගන්තුක සත්කාරක ක්ෂේත්රයේ ප්‍රමුඛතම සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, කොළඹ ගලදාරි හෝටලය ඊයේ (10) දින සිට Radisson Blu Hotel, Galadari Colombo යන නව නාමයෙන් සිය මෙහෙයුම් කටයුතු නිල වශයෙන් ආරම්භ කර තිබේ. මේ අනුව හෝටලයේ නිල සමාජ මාධ්‍ය ගිණුම් ද නව සන්නාමයට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීමට පියවර ගෙන ඇත.
මෙම වෙනස සිදුවන්නේ ලෝක ප්‍රකට ආගන්තුක සත්කාරක සේවා ජාලයක් වන Radisson Hotels Asia Pacific Investments Pte. Ltd සමාගම සහ ගලදාරි හෝටලය අතර පසුගිය 2023 වසරේදී අත්සන් කරන ලද විශේෂ ගිවිසුමකට අනුවය.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) අනුමැතිය සහිතව ක්‍රියාත්මක වූ මෙම දැවැන්ත ව්‍යාපෘතියේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 33.5කි. එම ගිවිසුමේ මූලික කොන්දේසියක් වූයේ හෝටල් පරිශ්‍රය අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව සම්පූර්ණයෙන්ම නවීකරණය කිරීමෙන් අනතුරුව, එහි සමස්ත කළමනාකාරීත්ව කටයුතු Radisson සමාගම වෙත පැවරිය යුතු බවයි.
ඒ අනුව, අලුත්වැඩියා කටයුතු නිමවීමෙන් පසු අද සිට ක්‍රියාත්මක වන පරිදි මෙම සුපිරි හෝටලය ලෝක ප්‍රසිද්ධ ‘රැඩිසන් බ්ලූ’ සන්නාමය යටතේ නව මුහුණුවරකින් දෙස් විදෙස් සංචාරකයින් උදෙසා විවෘත වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart