
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාරිභෝගිකයන් නොමඟ යවන සහ රවටන සුළු අයුරින් කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය සහ භාණ්ඩ අලෙවිය සඳහා ප්‍රදර්ශනය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත උල්ලංඝනය කළ රත්නපුර ‘කීල්ස් සුපර් 2’ (Keells Super 2) ශාඛාවට රුපියල් ලක්ෂයක (100,000) දඩ මුදලක් නියම කිරීමට රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණය පියවර ගෙන තිබේ.
රත්නපුර, බණ්ඩාරනායක මාවතේ පිහිටි, ‘ජේ.කේ. මාර්කටිං සර්විසස් පෞද්ගලික සමාගමට’ අයත් මෙම සුපිරි වෙළඳසැල් ශාඛාවට එරෙහිව මෙලෙස නඩු පවරා තිබුණේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ රත්නපුර දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසිනි.
පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ විශේෂ වැටළීමකදී මෙම සුපිරි වෙළඳසැල තුළ කල් ඉකුත් වූ වියළි හාල්මැස්සන් ඇසුරුම් විකිණීමට තබා තිබීම සහ කල් ඉකුත් වූ කපුරු බෝල ඇසුරුම් පාරිභෝගිකයින්ට අලෙවි කිරීම සඳහා ප්‍රදර්ශනය කර තිබීම යන චෝදනා යටතේ මෙම නඩුව ගොනුකර තිබේ.
මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණය, අදාළ චෝදනාවලට වරද පිළිගත් කීල්ස් සුපර් 2 ආයතනයට 2026 ජූලි මස 06 වනදා මෙම රුපියල් 100,000ක දඩ මුදල නියම කරනු ලැබීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart