
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ප්‍රවාහනය කරමින් තිබූ මුහුදු කූඩැල්ලන් 60,000කට අධික දැවැන්ත තොගයක් සමඟ සැකකරුවන් 26 දෙනෙකු සහ ඩිංගි යාත්‍රා 12ක් නාවික හමුදා භාරයට ගැනීමට සමත්ව ඇත.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (ජූලි 09) දින මන්නාරම සවුත්බාර් මුහුදු හා වෙරළ ප්‍රදේශයේ දියත් කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම වැටළීම සිදුකර තිබේ.
උතුරු මැද නාවික විධානයට අයත් ‘ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා’ ආයතනයේ නිලධාරීන් විසින් මන්නාරම සවුත්බාර් වෙරළ තීරය ආවරණය වන පරිදි මෙම මෙහෙයුම දියත් කර තිබේ.
එහිදී මුහුදේ ගමන්ගත් සැකකටයුතු ඩිංගි යාත්‍රා කිහිපයක් පරීක්ෂාවට ලක් කිරීමේදී, ඉතා සූක්ෂ්ම ලෙස ගොඩබිම වෙත ප්‍රවාහනය කරමින් තිබූ මෙම මුහුදු කූඩැල්ලන් තොගය සොයාගැනීමට හැකිවී ඇත.
නාවික හමුදාව විසින් ගණනය කරන ලද පරිදි එහි තිබූ මුහුදු කූඩැල්ලන් සංඛ්‍යාව 60,448කි.
මෙම ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 26 දෙනා වයස අවුරුදු 21ත් 64ත් අතර පසුවන මන්නාරම සහ මීගමුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබේ.
නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් පිරිස, මුහුදු කූඩැල්ලන් තොගය සහ ඩිංගි යාත්‍රා 12 ඉදිරි විමර්ශන සහ දැඩි නීතිමය කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට නාවික හමුදාව පියවර ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart