
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පානදුර ගොරකාන ප්‍රදේශයේ නිවසක පිහියකින් ගෙළ කපා ඝාතනය කර ඇති බවට සැක තරුණියකගේ මළසිරුරක් තිබී හමුවූ බව පානදුර උතුරු පොලිසිය සඳහන් කරයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක නීති විෂය හදාරන නදුනි සහශ්‍රී කුරේ නැමැති 26 හැවිරිදි තරුණියකි.
මීට පෙර මොරටුව ප්‍රදේශයේ පදිංචිව සිට ඇති මෙම මියගොස් ඇති තරුණිය පෞද්ගලික ආයතනයක උසස් රැකියාවක නියුතුවූ පුද්ගලයකු සමඟ විවාහව සිට ඔහුගෙන් දික්කසාද වී ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී හෙළිව ඇතැයි පොලිසිය සඳහන් කරයි.
ඝාතනයට ලක්ව ඇති තරුණිය සුරතල් සුනඛයන් ඇති කිරීමට දැඩි රුචිකත්වයක් දක්වා ඇති අතර, ඇය මියගොස් සිටි කාමරයේ කුඩා සුනඛයන් පස්දෙනෙකු පමණ සිට ඇති බවත් පවුලේ සාමාජිකයෙක් පවසයි.
ඇය පිළිබඳව දින දෙකක පමණ සිට කිසිදු තොරතුරක් දැනගැනීමට පවුලේ අයට නොහැකිව සිට ඇති අතර, ඇය පදිංචිව සිටි නිවසෙහි කුලී කාමරය තුළින් අධික දුර්ගන්ධයක් හමන බැවින් දොර කඩා පරීක්ෂා කිරීමේදී මළසිරුර සහ ඒ ආසන්නයේ වැටී තිබූ ඝාතනයට යොදාගත් බවට සැකකෙරෙන පිහි දෙකක් ද හමුව තිබේ.
පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් සහ ඇඟිලි සලකුණු නිලධාරීන් පරීක්ෂණ පවත්වන අතර, පානදුර මහේස්ත්‍රාත්වරයා මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබිණි. (දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart