
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ, ගම්පහ, කෑගල්ල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ජීවත් වන මිලියන 8කට ආසන්න ජනතාවකගේ ප්‍රධාන පානීය ජල මූලාශ්‍රය වන කැලණි ගඟ සුරැකීම සඳහා නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය විසින් විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනට නුවරඑළියේ සිට අඹතැල දක්වා කැලණි ගඟ දිගේ ස්ථාන 27කින් ජලය ලබාගෙන පවුල් මිලියන දෙකකට පමණ පානීය ජලය සපයයි.
එමෙන්ම මෙම ගඟ කර්මාන්ත ශාලා රැසකට ද ප්‍රධාන ජල මූලාශ්‍රයක් වේ.
කෙසේවෙතත්, කැලණි ගඟ ද්‍රෝණියේ ක්‍රියාත්මක වන කර්මාන්ත 6,000කට ආසන්න සංඛ්‍යාවක් සහ ඒ අවට සිදුවන මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ගඟේ ජලයේ ගුණාත්මකභාවයට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බව බලධාරීන් හඳුනාගෙන ඇත.
මේ සඳහා කඩිනම් සහ සම්බන්ධීකරණ මැදිහත්වීමක් සිදු නොකළහොත්, ඉදිරි වසර පහ තුළ පානීය ජලයේ ගුණාත්මකභාවය සහ ගංගා පරිසර පද්ධතිය දැඩි අර්බුදයකට ලක්විය හැකි බවට නිලධාරීන් අනතුරු අඟවයි.
නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළේ අරමුණ වන්නේ විවිධ ආයතන ඒකාබද්ධ කරමින් ජල දූෂණය අවම කිරීම සහ ගංගාව ආරක්ෂා කිරීමයි.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, මධ්‍යම පරිසර අධිකාරිය, කර්මාන්ත අමාත්‍යාංශය සහ කැලණි ගඟ ද්‍රෝණියේ පිහිටි පළාත් පාලන ආයතනවල සහභාගීත්වයෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.
මේ පිළිබඳ සමාරම්භක සාකච්ඡාව බ්‍රහස්පතින්දා (09) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණු අතර, එහිදී ගංගාවේ ජලයේ ගුණාත්මකභාවය ආරක්ෂා කිරීම, කාර්මික හා නාගරික අපද්‍රව්‍ය කළමනාකරණය වැඩිදියුණු කිරීම, නීතිමය ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීම සහ දිගුකාලීන නිරීක්ෂණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම කෙරෙහි නිලධාරීන්ගේ විශේෂ අවධානය යොමුවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart