
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පැහැදිලි හෝ නීත්‍යානුකූල ආදායම් මාර්ගයක් නොමැතිව, හදිසියේම විශාල දේපළක් උපයාගෙන ඇති හෝ සැකසහිත ලෙස සුඛෝපභෝගී ජීවන රටාවක් ගතකරන පුද්ගලයන් පිළිබඳව තොරතුරු ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
නීතිවිරෝධී ලෙස උපයාගත් වත්කම් සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක විමර්ශනවල කොටසක් ලෙස, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අනෙකුත් නීති බලාත්මක කිරීමේ බලධාරීන් මෙවැනි සිදුවීම් පිළිබඳව සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව පොලිසිය පවසයි.
මෙම විමර්ශන ප්‍රධාන වශයෙන්ම ඉලක්ක කරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අනෙකුත් නීතිවිරෝධී ක්‍රියාකාරකම් මගින් උපයාගෙන ඇති බවට සැකකෙරෙන වත්කම් වන අතර, මේ සම්බන්ධ වැටලීම් දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
මෙවැනි සැකකටයුතු පුද්ගලයන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව තොරතුරු සපයන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර, විමර්ශන සාර්ථක කරගැනීමට සහ සමාජයේ යහපැවැත්ම ආරක්ෂා කිරීමට මහජන සහයෝගය අත්‍යවශ්‍ය වන බව ද පෙන්වාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart