
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2019 වසරේදී ලබාගත් ප්‍රසාද දීමනාවක් මුල්කර ගනිමින්, සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය මත ප්‍රචාරය කරමින්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරව අත්අඩංගුවට ගැනීම සඳහා රජය විසින් සංවිධානාත්මක මෙහෙයුමක් දියත් කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරයි.
පාර්ලිමේන්තුව අමතමින් සජිත් ප්‍රේමදාස කියාසිටියේ, විධායක ජනාධිපතිවරයා විසින් ‘මානුෂීය පදනමක් මත’ සිය අභිමතය පරිදි ලබාදෙනු ලබන රුපියල් 500,000 ක ප්‍රසාද දීමනාවක් දයාසිරි ජයසේකර වෙත පිරිනමා තිබූ බවයි.
ඉන් අනතුරුව දයාසිරි ජයසේකර රුපියල් 800,000 කට අධික මුදලක් වැයකරමින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන ඇති නමුත්, නිසි බිල්පත් ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ බව පවසමින් ඔහුට එරෙහිව මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව විපක්ෂ නායකවරයා පැවසීය.
මෙම ප්‍රසාද දීමනා ක්‍රමය යටතේ බිල්පත් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව අවධාරණය කළ විපක්ෂ නායකවරයා, එසේ තිබියදීත් රජය විසින් දයාසිරි ජයසේකරට මුදල් අවභාවිත චෝදනා එල්ල කරමින් ඔහුව අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බව ප්‍රකාශ කළේය.
දයාසිරි ජයසේකර ව්‍යාජ බිල්පත් ඉදිරිපත් කර ඇති බව පවසමින්, මෙය දූෂණ ක්‍රියාවක් ලෙස හුවාදැක්වීමට රජය තමන්ට හිතවත් සමාජ මාධ්‍ය ජාලා උපයෝගී කරගනිමින් සිටින බවට අජිත් ප්‍රේමදාස චෝදනා කළේය.
ඔහු මෙම පියවර හැඳින්වූයේ මන්ත්‍රීවරයා ඉලක්ක කරගනිමින් දියත් කර ඇති දේශපාලන පළිගැනීමක් ලෙසය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart